උණුසුම් පුවත්
Search
Untitled design 16

මං තාම ආදරවන්තයෙක් නෙවෙයි – ඉෂාර මධුශාන් ( තරුණියන්ට වටිනා අවස්ථාවක් )

104

මෑත ඉතිහාසයේ අපේ රටේ ටෙලි නාට්‍යයක් තුලින් නවක මුහුණු වැඩිපුරම බිහි උනා නම් බිහිවුනෙ. ටීවී දෙරණ නාලිකාවේ සතියේ දින වල විකාශනය වන.. අතිශයින්ම ජනප්‍රිය දෙවන ඉනිම තුළින්. බොහෝ නවක හැකියාවන් තියෙන තරුණ තරුණියන්ගේ තිබිරිගෙය බවට එම ටෙලි නාට්‍ය පත් උනා. අද අපි කතා කරන්නේ යන්න ඔහු දෙවෙනි ඉනිම තුළින් පැමිණ රටේ තරුණියන්ගේ සිහින කුමාරයා වුණු සුවිශේෂී චරිතයක්.උගත් බුද්ධිමත් තරුණයෙක් කඩවසම් වෘත්තිකයෙක් ඒ වගේම ඔහු ගුරුවරයෙක් සුවහසක් රසිකයන් ගේ හදවත දිනු ඔහු දෙවෙනි ඉනිමේ රදීෂ් ගේ චරිතයට පණ පොවන ඉෂාර මධුශාන්..

තමන්ගෙ කලා ජීවිතය පුද්ගලික ජීවිතය පිළිබඳව සති අන්ත සිළුමිණ පුවත්පතට ඔහු ලබා ලබාදී තිබුණු සම්මුඛ සාකච්ඡාව.. තුළින් ඔහු හෙළි කර තිබුණේ රංගන ශිල්පියෙක් විදිහට ඔහුගේ ආගමනය පිළිබඳ මෙන්න මෙහෙම කතාවක්…

313312916 1166519070961354 2391894379776045099 n

මම පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ තුළ අධ්‍යාපන කටයුතු කළේ ඉංජිනේරුවෙක් විදියට. මම university ඉන්න කාලෙම තමයි ඕ ලෙවල් ළමයින්ට ගණිතය විෂය උගන්නන්න පටන් ගත්තෙ.මගේ මුල්ම රැකියාව වුණේ ඩයලොග් ආයතනයේ access network engineer කෙනෙකු විදියට. දැන්නම් මම රංගන ශිල්පියෙක් විදිහට ප්‍රේක්ෂක ආදරය දිනා ගෙන ඉන්නවා. ඒ වගේම මිනිස්සු මට ගුරුවරයෙක් විදිහට ගොඩක් සලකනවා. මම ගුරුවරයෙක් විදියට ඒ සේවය දිගටම කරනවා.

මගේ රංගනයට පිවිසීම ගැන කතා කළොත් ඒක අහම්බයක්. ටීවී දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහත්තයගෙන් ලැබිච්ච ආරාධනයක් උඩ තමයි මම දෙවනඉනිමට සම්බන්ධය වෙන්නෙ. ඊට කලින් මම වෙනත් නාලිකා දෙක අවුරුදු කුමාරයා වැඩසටහන් වලින් ජයග්‍රහණය ලබලා තියෙනවා. ඒ ප්‍රශ්නෙට ශිල්පියෙක් විදියට මුලින්ම දායක වෙන්නේ දෙවැනි ඉනිමට.දැන් මිනිස්සු මාව ගොඩක් අඳුරන්නෙ දෙවෙනි ඉනිමේ චරිතය නිසා. ගුරුවරයෙක් විදිහට මම ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව මම දෙවනඉනිම තුළින් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වීම කිව්වොත් මම නිවැරදියි. දෙවෙනි ඉනිම නාට්‍ය තුල. මම ගොඩක් කල් හිටියා. ඒකෙන් මං ගොඩක් මිනිස්සු අතරට ගියා. දැන් දෙවනඉනිම ඉවර වෙන්න ලඟයි . දෙවෙනි ඉනිම තමයි මගේ ජීවිතේට වාසනාව ගෙනාවේ. මට තවත් අලුත් නාට්‍යයකට ආරාධනා ලැබුණා ඒකෙ වැඩකටයුතුත් මං ඉක්මනටම පටන් ගන්නවා.

316102304 472348571554681 6461652375531439344 n

ඉංජිනේරුවෙක් වීම පිළිබඳව ඉශාරගෙ අත්දැකීම් පිළිබඳව ඔහු කිව්වේ මෙන්න මෙහෙම අදහසක්..ඕනම කෙනෙක් ඉගෙන ගත්ත දෙයක් කවදාවත් අපතේ යන්නෙ නෑ. මං ඉංජිනේරුවරයෙක් විදියට ලබා ගත් දැනුම හැමදාම මට ඕන වෙනවා. මං පන්ති පවත්වන්නේ මාර්ගගත ක්‍රමයට. ඒකත් සාමාන්‍ය තත්ත්වයෙන් නෙවෙයි. හොඳ ස්ටුඩියෝ එකක ඉහළම තාක්ෂණික ක්‍රම යොදාගෙන. මේ වෙද්දි හොඳ ප්‍රතිඵල ලැබිල තියෙනවා. උසස් පෙළ භෞතික විද්‍යා විෂය සඳහාත් පන්ති ඉක්මනින්ම පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මං ව්‍යාපාර ක්ෂේත්‍රයටත් අත ගහලයි තියෙන්නේ. කාර් සේල් එකක් පටන් ගත්තා. ඉංජිනේරුවරයෙක් විදියට වෘත්තිය නොකළත් මගේ ඒ දැනුම මගේ අනෙක් කටයුතුවලට අත්වැලක් වුණා. කවදාවත් ඒ දැනුම අපතේ යන්නෙ නෑ.

යොවුන් වියේ ආදර අත්දැකීම් ගැන ඔහුගෙන් විමසුවා ම ඔහු කිව්වේ . ආදරය කියන්නේ හරිම සුන්දර හැඟීමක්.. ඒත් කාර්ය බහුලතාවය නිසා ඒ හැඟීමට මට තාම ඉඩ දෙන්න බැරි වුණා. ඇත්තටම කියනවා නම් මම තාම ආදරවන්තයෙක් නෙවෙයි.

313406744 460929436029928 1336071750840248289 n