උණුසුම් පුවත්
Search
sanjeew

”මට මහ ලොකු බිසී කියල තත්ත්වයක් නෑ” – අමුවෙන්ම කියපු සංජීව් ලෝන්ලියෙස්

336

කාලෙකට ඉස්සර මොහු ගැන කිව්වා ඔයාලට මතක ඇති කියලා හිතනවා. අමු සින්දුවලට කැමති අය එහෙමත් නැත්නම් අමු සින්දුවක් අහලා තියෙන අය අපි මේ කියන චරිතය පිළිබඳව හොඳට දන්නවා. ඒ කාලෙ ඉඳලම මේ හාදයා මේ කන්සෙප්ට් එක සමාජගත කරන්න ලොකු ගේමක් දුන්නා. දැන්නම් වැඩේ හොඳටම පත්තුවෙලා තියෙන පාටයි. ඒකනේ අපි මේ කියන සංජීව් ලෝන්ලියෙස් කියන නම කට්ටිය සෝෂල් මීඩියාවල පීරන්නේ. සංජීව් අමු රහට කිව්ව පිටකවරේ මේ දවස්වල හරි හරියට නැඟලා යනවා. මේ වෙනකොට මේක මිලියන පහකටත් වැඩිය නරඹලා….

No photo description available.

පිටකවරේට ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතන්නේ?

ඇත්තටම පිටකවරේ සින්දුවට ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි. වෙනදා වගේම සින්දුවක් එළියට දැම්මා කියලයි මම හිතන්නේ. නමුත් මේක ගැන හිතලා, නරඹලා තිබෙනවා සෑහෙන පිරිසක් මේක අහනවා කියලා දැනෙනවා…. ඒ ගැන සතුටුයි. නමුත් වෙන විශේෂ සතුටක් කියලා දෙයකුත් නැහැ. අපි කරපු සින්දුවක් විදිහට නිදහසේ ඉන්නවා.

සංජීව්ගේ වැඩේ සාර්ථකයි කියලා හිතෙන්නේ නැතිද?

මීට අවුරුදු 15කට කලින් ඉඳලා අපි ට්‍රයි කළා මියුසික් වල අමුතු කල්චර් එකක් ලෝකෙට දෙන්න. මියුසික් වල වෙනත් රහක් දෙන්න. ඒ කියන්නේ ”කට්ට කාල දාගත්තු කෙල්ල යාළු” සින්දුවේ ඉඳන්ම ”පිටකවරේ” සින්දුව දක්වාම අපි හෙමින් හෙමින් ට්‍රයි කරමින් ඉදිරියටත් කරගෙන යනවා. මට හිතෙනවා යම් සාර්ථකත්වයක් ඇති කියලා. මොකද මේකත් ඉතිං පොඩි රිසර්ච් එකක් විදිහට කරගෙන යන වැඩක්නේ බං.

May be an image of 1 person, beard, swimming and body of water

පිට කවරේට සෙට් වුණේ කොහොමද?

අපි සින්දු කරගෙන ආපු ගමනේදී එක්තරා යම් මොහොතක කලීෆා අමු සින්දුව සොසයිටියට අතහැරියානේ. ඒ සින්දුව අහපු කෙනෙක් විදිහට මාත් එක්ක බොහොම හිතවත් වුණ හාමුදුරුනමක් තමයි ඇමරිකාවේ ඉන්න අත්තිඩියේ හාමුදුරුවෝ. මම බොහොම අමාරුවෙන් සින්දු ලියන කාලේ ඉඳල ඔය හාමුදුරුවෝ ආශ්‍රය කළා…. හාමුදුරුවෝ මට සින්දුවක් ලියලා එවලා සංජීව් ඕක බලන්නකෝ කියලා කිව්වා. මට ඉතිං සෙට් වුණොත් අනිවාර්යයෙන් දවසින් දෙකෙන් සින්දුවක් බවට පත් කරනවා. ඉතිං පිටකවරෙත් එහෙමයි හැදුණේ.

විෂුවල් එක කළේ කොහේද?

මම ගොඩක් ඉන්නේ කොළඹ සහ කුරුණෑගල. විෂුවල් එක හැදුණේ කුරුණෑගල බස්ටෑන්ඩ් එක ළඟ තිබෙන පොඩි ලේන් එකක. ඕකේ ඉන්නේ මගේ කැම්පස් එකේ යාළුවෝ ටික. එක එක පිටකවර වලින් හිටියට උනුත් යම් යම් තැන්වල ඉඳලා විවිධ වර්ගයේ දක්‍ෂතා පෙන්වන සෙට් එකක්. අපේ යාළුවෝ ටිකක් ඉන්න හින්දා මටත් ඒක විෂුවල් එකක් වුණේ නැහැ. අව්‍යාජයි. නියමටම ලස්සනට වැඩේ කළා. සෑහෙන පිරිසක් උදව් කළා.

May be an image of 2 people, violin, guitar, speaker, crowd and text that says 'Ceylon'

ප්‍රසංගවලට ලැබෙන ආරාධනා එහෙම කොහොමද?

පසුගිය ඉරිදත් අපි පේරාදෙණිය වළේ කොන්සර්ට් එකක් කළා. පොඩි මල් වැස්සක් එක්කයි වැඩේ කළේ. ඊට කලින් දවසේ මහරගම යූත් එකේ කොන්සර්ට් එක කළා. කොන්සර්ට් වලට ගොඩක් ආරාධනා තිබෙනවා. ඒක ඉතිං කලින් ඉඳලා වගේමයි. මේ සින්දුව හිට් වුණා කියලා එකක් නෑ. කලින් ඉඳලා අපි හෙමින් හෙමින් කොන්සර්ට් කළා. දැන් කොන්සර්ට් ටිකක් වැඩිවෙලා තියෙනවා….

අයි ටී එන් චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනින් පස්සේ වැඩිපුර කතා බහවෙන්න ගත්තා නේද?

ඔව් ඉතිං සමහර අවස්ථා වල අපිට වැඩසටහන්වලින් එන්න කිව්වහම අපි ඒවට සම්බන්ධ වෙනවා. එක එක චැනල්වලින් කතා කරනවා. ඔය හැම එකේම ඉන්නේ සින්දු අහන ආදරණීය මිනිස්සු. ප්‍රතිචාර ලැබෙනවා. ඒක සතුටින් දරාගෙන ඉන්නවා.

No photo description available.

ඊළඟට පත්තු කරන වැඩේ මොකක්ද?

ඉස්සර වගේ බොහොම හෙමින් හෙමින් සින්දු දමමින් හිටියා. මේ සින්දුව මිනිස්සු අතරට ගියා කියලා වෙනසක් නැහැ. අපි ඊළඟ සින්දුවත් සුපුරුදු පරිදි එළියට දානවා….

කෙමෙස්ටි්‍ර ක්ලාස් කරන එක නැවැත්තුවා ද?

නැහැ. ඒලෙවල් කෙමෙස්ටි්‍ර ක්ලාස් එක කිසිම වෙලාවක නවත්වන්නේ නැහැ. මම බොහොම අමාරුවෙන් ඒවා කරපු හින්දයි සින්දු කරගන්න මුදල් ටික හරි ලැබෙන්නේ…. ඉතිං ඒ දේවල් ඉදිරියටත් කරගෙන යනවා. මට මහ ලොකු බිසී කියල තත්ත්වයක් නෑ, එහෙම වෙන්නෙත් නෑ. රිලැක්ස් එක තමයි අපේ අංක එක. මට හරි සතුටුයි මචං කෙමෙස්ටි්‍ර කියන පාරෙයි ආර්ට් කියන පාරෙයි අපිට හෙමින් හෙමින් ටිකක් දුර හරි කට්ටිය කිහිපදෙනෙක් එක්ක යන්න හම්බවුණ එක ගැන….

No photo description available.

දිනේෂ් විතාන