උණුසුම් පුවත්
Search
piumi botheju

”මට නම් මේවා කියන්න ලජ්ජා නෑ, ඒ කාලේ තිබ්බ පීඩනය දන්නේ මම විතරයි” – විවාහ වලින් බැට කා තනිකඩව ඉන්න පියුමි බොතේජු

200

රංගන ශිල්පිනියන් අතර වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි පියුමි බොතේජු කියලා කියන්නේ. කාලෙන් කාලෙට අලුත් මාතෘකා හරහා ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගන්න පියුමි සමගයි අද අපේ මේ කතාබහ.

image 100

ඉතින් පියුමි කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ?

”මේ දවස්වල හරිම සතුටින් කාලය ගතකරනවා, ඒ වගේම මේ දවස්වල රූපවාහිනී නාලිකා කිහිපයකම මම රංගනයෙන් දායක වෙන නිර්මාණ විකාශනය වෙනවා, ඉතින් ඒ නිසා වෙනදට වඩා ටිකක් කාර්යබහුලයි…… හැබැයි සතුටින් ඉන්නවා”

image 96

අපි දකිනවා පියුමි ලස්සන ලස්සන විලාසිතා ගොඩක් කරනවා ?

”ඔව්….! මම විලාසිතා වලට ගොඩක්ම ආස කරන කෙනෙක්, ඒ වගේම මම මම ආස විලාසිතා මම ආස ඇඳුම් පැළඳුම් අරගෙන අඳින කෙනෙක්, විලාසිතා කිවුවම ඇඳුම් විතරක් නෙවෙයි, කොන්ඩේ පාට කරන එක, නියපොතු පාට කරන එක පවා විලාසිතාවක්, ඉතින් මම ඒ හැම විලාසිතාවක්ම කරනවා, ජීවත්වෙන පුංචි කාලේ හැමදෙයක්ම විඳින්න ඕන….”

image 97

සාමාන්‍යයෙන් විලාසිතා කිරීමේදී ඔයා අනුගමනය කරන කරුණු මොනවද ?

”මෙහෙමයි….. ගැලපීම් ගැන නම් ගොඩක්ම හිතන කෙනෙක් මම, අනිත් කාරනාව තමයි අපි මිලදී ගන්නා දේවල් අපි ගෙවන මිල අපේ පෙනුම කොච්චර වැඩි කරනවද කියන එක ගැන මම සැලකිලිමත් වෙනවා…

image 98

ඒ වගේම තමයි මගේ අත් ටිකක් මහත නිසා මම විලාසිතා කරද්දී ඒ ගැනත් හිතනවා, ඒ වගේම මගේ හමේ පාටට ගැලපෙන්නත් ඕන….. ඒ වගේම මගේ ඇඟේ හැඩයට ගැලපෙන්නත් ඕන, ඔය දේවල් තමයි මම මුලිකව බලන්නේ”

image 101

පුංචි කාලේ ගැන මතක් කලොත්?

”ඒ දවස්වල මොනතරම් දේවල් අඳින්න ආසාවෙන් හිටියත් ඒ කාලේ අපේ අම්මලා තාත්තලාට ඒ තරම් සල්ලි නෑ, මම ඉස්සර වැඩිපුරම ඇන්දේ අයියලගේ කලිසම් ෂර්ට්, ඒ කාලේ මගේ වයසේ ළමයි ලස්සන ඇඳුම් ඇඳලා මට පේන්න යද්දී මම අනන්තවත් අඬලා තියෙනවා…. ඒ වගේ ඇඳුම් ඉල්ලලා, මට නම් මේවා කියන්න ලජ්ජා නෑ, ඒ කාලේ තිබ්බ පීඩනය දන්නේ මම විතරයි… ඉතින් අද මම මට ඒ පීඩනය දැනෙන්න දෙන්නේ නෑ, මම ආස දේවල් මම කරනවා…”

image 99



Leave a Reply

Your email address will not be published. Required fields are marked *