උණුසුම් පුවත්
Search
uresha

”මම විවාහ වෙන්න හිටපු කෙනෙකුත් නෙවෙයිනේ, ආයෙ විවාහ වෙන එකකුත් නෑ….” – උරේෂා රවිහාරි

16475

“උන්නා එක ගංඟාවක” ගයමින් අනතුරුව රිදී තිරයට ගැළපෙන “හොඳම හඬේ” හිමිකාරිය වෙන්න ඇය වරම් ලැබුවා. එදා මෙදාතුර සිනමාවේ බිහිවූ විශිෂ්ටතම හඬකට හිමිකම් කියන ඇය නමින් උරේෂා රවිහාරි.

May be a closeup of 1 person and standing

උරේෂා පසුගිය දවසක යූටියුබ් නාලිකාවකට එක්වෙමින් පළ කළ අදහස් කිහිපයක් තමයි මේ..

දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් දෙවැනි විවාහයකට යද්දි සමාජය ගොඩක් දේ කියනවා. හැබැයි දරුවෝ ඉන්න තාත්තා කෙනෙක්ට එහෙම නෑ?

හැම තිස්සෙම පිරිමියාට වාසි විදිහට මේ සමාජේ හැදිලා තියෙන්නෙ. තමන්ට අවශ්‍ය දේ කරන්න පුලුවන් පිරිමියාට. ගැහැනු සීයක් විතර ආශ්‍රය කරලා ගෙදරට එන්න පුලුවන්….. ආසියාතික සමාජය ඇතුළේ නිර්මාණය වෙලා තියෙන්නෙ එහෙම. අපිට ඕක වෙනස් කරන්න බෑ….. මොකද මේ සමාජය හැදිලා තියෙන්නෙ එහෙම..

May be an image of 1 person, standing and indoor

අම්මා කෙනෙක් විවාහ වෙන්න ඕනෙමද ?

අම්මා කෙනෙක් විවාහ වෙන්නම ඕනෙ කියලා නෑ…. සැමියාගෙන් ආදරේ ලැබෙන් නැත්තම් දරුවන්ගේ ආදරේ ලැබෙනවනේ.

ඔබට කුමක් හෝ හේතුවක් නිසා තනිවෙන්න වුණොත් ?

ඒක කියන්න මම දන් නෑ. හැබැයි මම දන්නවා, මට තනියම ජීවත් වෙන්න හැකියාවක් තියනව කියලා. විවාහය කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක් නෙවේ. මම විවාහ වෙන්න හිටපු කෙනෙකුත් නෙවෙයිනේ. ඒක නිසා යම් හේතුවක් නිසා මගෙ විවාහය දෙදරලා ගියත් මම ආයෙ විවාහ වෙන එකක් නෑ….

May be an image of 1 person, standing and outdoors

ස්වාමියාට වෙනත් විවාහයකට යන්න සිදුවුණොත් ඔබ කැමති ද ?

ඒක එයාගේ කැමැත්ත. ඔහු විවාහ වෙනවා නම් ඒක එයානේ කරන්නෙ….. මට අදාළ දෙයක් නෙවේ. එහෙම වුණොත් ඉතින් මොනා කරන්නද ?