උණුසුම් පුවත්
Search
ranil 1 1

”මං රාජපක්ෂලාගේ මිතුරෙක් නෙවෙයි, ජනතාවගේ මිතුරෙක්” – ජනාධිපති රනිල්

59

ජනතාවට අවශ්‍ය වෙනස ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අභිනව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීමෙන් අනතුරුව ගංගාරාම විහාරස්ථානය වෙත ඊයේ (20) පස්වරුවේ පැමිණ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

තමන් රාජපක්ෂ පවුලේ මිතුරෙකු නොවන බවත් ජනතාවගේ මිතුරෙකු බවත් ඔහු එහිදී විදෙස් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියා.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, තම බලාපොරොත්තුව පාර්ලිමේන්තුව තුළ සිටින සෙසු පක්ෂ සමග සහයෝගයෙන් වැඩ කිරීම බවයි.

සාමකාමීව විරෝධතා වල නිරත වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව පවතින අතර අරගල මුවාවෙන් නිවාස ගිනි තැබීම මෙන් ම ජනාධිපති කාර්යාලය ඇතුළු විවිධ ස්ථාන අත්පත් කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

එවැනි ක්‍රියා නීති විරෝධී වන අතර එවැනි කටයුතු වල නිරත වන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, අරගලයේ නිරත තරුණයන්ට අනාගතයක් ගොඩනැගීමට අවශ්‍ය නම් ඊට සම්පූර්ණ සහය ලබාදෙන බව ය.

එමෙන් ම සාමකාමීව අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය මේ වන විට යටපත් වී ඇති අතර අවශ්‍ය නම්, ඔවුන්ට අදහස් ප්‍රකාශ කිරීමට වේදිකාවක් සකස් කර දීමට ද හැකි බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියා.




Leave a Reply

Your email address will not be published.