පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන් ප්රේක්ෂකයන් හමුවට එන ප්රසිද්ධ රංගන ශිල්පිනියක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ.
ඇත්තෙන්ම වෘත්තීය හැටියට ගුවන් සේවිකාවක ලෙස කටයුතු කරන ඇය ගැන මේවෙද්දී මෙරට නොදන්නා කෙනෙකු නැති තරම්. ඒ තරමට දිනිති මේ වෙනකොට ඉහළ ප්රේක්ෂක ආදරයක් වගේම ආකර්ෂණයක් හිමිකරගෙන තිබෙනවා.
කොහොම වෙතත් පුංචි තිරයේ විවිධ නිර්මාණ ඔස්සේ ප්රේක්ෂකයන් හමුවට එන ඇය සිය රංගන දායකත්වය ලබාදුන් ටෙලි නිර්මාණ අතුරින් ජයප්රකාශ් සිවගුරුනාදන්ගේ කොළඹ ඉතාලිය, සංජය නිර්මාල්ගේ BTS සහ ෂැඩෝ ටෙලි නිර්මාණය මෙරට අතිශය ජනප්රියත්වයට පත්වුණා.
කෙසේ නමුත් දිනිති කියල කියන්නේ රංගනය නිවේදනයට අමතරව හොද රචිකාවියක් කියන එක බොහෝ දෙනා නොදන්නා කරුණක්.
දිනිති කියන්නේ පොඩි කාලේ ඉදලම ලියන්න ආසා කරපු කෙනෙක්. ඒ කොහොම වෙතත් මේ ජනප්රිය කලාකාරිනිය පහුගිය දවසක ඇගේ ජීවිතේ සිදු වුණු අත්දැකීම් ගැන අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. ඉතින් එහිදී ඇය කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි.
” මම අවුරුදු කුමාරි තරගයකට තේරිලා යන්න හැදුවම අපේ අම්මා කිව්වා අපෝ ඕවට යන්නේ ලස්සන අය, ගිහින් නිකම් ලැජ්ජ වෙන්න හදන්න එපා කියලා. එදා ඉදලා මම හිතුවේ මම ලස්සන කෙනෙක් නෙමෙයි කියලා….
මම ලස්සන කෙනෙක් නොවුනට බුද්ධිමත් කියලනම් කියන්න පූලුවන්. ඒ වගේම අදහස් ප්රකාශ කිරීමේ හොද කටක් මට තියෙනවා. මම ඕන දෙයක් ප්රකාශ කරන්න බය නෑ….
මම අදාළ දේ ඒ තැනදි කියනවා. නැතුව ඒක හිතේ තියාගෙන ඉදලා පස්සේ දුක් වෙන්න මම කැමති නෑ… මෙතෙක් ගෙවුණු ජීවිතය ගැන තෘප්තිමත් වෙන්න පුලුවන් තීරණ ගත්ත කෙනෙක් මම. වෙන කෙනෙක්ව අනුගමනය කරන්නෙ නෑ මම මට ඕන ගමනට මම යනවා.”
ඒ විදිහට තමයි මේ ජනප්රිය රංගන ශිල්පිනිය පහුගිය දවසක අදහස් දක්වමින් ඇගේ ජීවිතයේ සිදුවුණු අත්දැකීම් ගැන අදහස් දක්වලා තිබුණේ.