උණුසුම් පුවත්
Search
raini

”මට ජීවිතේ කලකිරිලා තියෙන්නේ, ආදරයේ ප්‍රශ්නයක් තිබුණොත් එතන ජීවිතේ ඉවරයි” – රයිනි චාරුකා

344

අපේ සංගීත ක්ෂේත්‍රය තුළ කොයි කවුරුත් ආදරය කරන ගරු කරන ගායන පවුලක් තමයි රූකාන්ත ගුණතිලක පෙරටු කරගත් කලා පවුල. ඉතින් ජ්‍යෙෂ්ඨ ගායකයෙක් වන රූකාන්ත ගුණතිලකගේ බිරිද තමයි චන්ද්‍රලේකා පෙරේරා කියන්නේ. ඔවුන් දෙදෙනාගේ දියනියන් දෙදෙනා තමයි රයිනි චාරුකා ගුණතිලක සහ වින්ඩි ගුණතිලක කියන්නේ. ඔවුන්ටම අනන්‍ය වූ හඩක් තියෙන නිසාවෙන්ම මේ ගායිකාවන් දෙදෙනාගේ ගීත අහන්න බොහෝ දෙනා ප්‍රිය කරනවා. ඉතින් මේ කලා පවුලේ පොඩි දුව වින්ඩි පසුගිය දා විවාහ දිවිය එළඹුනා. ඒත් ජනප්‍රිය ගායකයෙක් වන සනුක වික්‍රමසිංහ සමගින්. මේ පවුලේ ලොකු දුව රයිනිගේ ගීත ගණනාවක්ම තියෙයි. ඇයත් ප්‍රාසාංගික වේදිකාවේ නැතුවම බැරි චරිතයක් බවට මේ වන විට පත් වී හමාරයි.

image 157

”චන්චල දෑසේ, කලුවරට හිත බය හින්දා, කුසුමට ලන් වී, මතක ද හැන්දෑවේ” වැනි ජනප්‍රිය ගීත කිහිපයක්ම ගායනා කල රයිනි චාරුකා ගැන මේ වන විට හැමෝම කතා බහ කරන්නට වුණේ ඇගේ මියුසික් වීඩියෝවක් සදහා ඇය තෝරාගත් කඩවසම් රංගන ශිල්පී දර්ශන් තවරාජා. ඉතින් රයිනි සහභාගි වුණු එක්තරා මාධ්‍ය හමුවකදී ඇය සදහන් කල අදහස් කිහිපයක් මෙසේයි.

image 158

”මට සමහරක් වෙලාවට ජීවිතේ ගැන කලකිරිලා තියෙන්නේ. මට හිතෙනවා මිනිස්සුන්ට වඩා බල්ලා, පූසා හොදයි කියලා. මේ හැමදේටම මුල ආදරය. ආදරය නැති තැන මම හිතන්නේ හැම තැනින්ම එන්නේ ප්‍රශ්නයක්… ආදරයේ ප්‍රශ්නයක් තිබුණොත් එතන ජීවිතේ ඉවරයි.”

image 160

මේ විදියටයි රයිනි චාරුකා අදහස් දක්වලා තිබුණේ.

කොහොම නමුත් ඇය මේ වන විට පළමු විවාහයට සමු දී ඉන්න බව නොරහසක්.

image 159