උණුසුම් පුවත්
Search
Untitled design 29

” මම හිතුවක්කාර පෙම්වතෙක්ට ආදරය කරන අහිංසක ගැහැනු ළමයෙක් ” – අවිශ්කා උමයංගි

362

අවිශ්කා උමයංගි කියනවාටත් වඩා ඇයව ගොඩක් දෙනෙක් හඳුනන්නේ මල් කඩේ රන්දිමා කියන නමිනි.ඒ දෙරණ නාලිකාවේ විකාශය වු සංගීතේ ටෙලි නාට්‍යයේ ඇය ඉතා තාත්වික ලෙස රංගනයෙන් දායක වූ චරිතයක් නිසා. 2018 වසරේදී ඇය දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වන අතර එහිදී ඇයට දෙරණ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබීමට වාසනාව ලැබෙනවා.එතැන් සිට තමයි ඇයගේ ඇගේ රංගන දිවිය ආරම්භ වන්නේ.ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඇය පිළිබඳවයි.ඇය එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ රංගන දිවියේ ගමන් මග පිළිබඳව පවසා සිටියේ මෙවැන්නක්.

128833378 219404056237148 9178796652719294858 n

ඇත්තටම රංගනය කියන දේ මට අහම්බෙන් ලැබුන දෙයක්.මොකද මම දෙරණ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබීමෙන් පසුව අක්ෂර වික්‍රමගේ සර් තමයි සංගීතේ ටෙලිනාට්‍ය සඳහා මට ආරාධනා කරන්නේ.ඒ ටෙලි නාට්‍යයේ දී මා රඟපෑ මල් කඩේ රන්දිමා කියන චරිතය ජනතාව අතර ගොඩක් ජනප්‍රිය වුණා. මම හිතුවේ නැහැ සංගීතේ තුළින් ඒ තරම් ජනප්‍රියතාවක් ලැබෙයි කියලා. දැනටත් අලුත් ඩ්‍රාමා එකේ ට්‍රේලරයට බොහෝ දෙනා ආ මේ සංගීතේ මල් ගර්ල්නේ කියලා තමා කමෙන්ට් කරන්නේ.

185109558 159668689445143 5766148496654742523 n

මං අලුතෙන් රඟපාන ටෙලි නාට්‍යයේ චරිතය සංගීතේ රන්දිමා වගේ නෙවෙයි ගොඩක් වෙනස් චරිතයක්. ගොඩක් අහිංසක සංවේදී ගැහැනු ළමයෙක්ගේ චරිතයක්. හිතුවක්කාර පෙම්වතෙක් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගන්නේ. ඒ ඔස්සේ තමා චරිතය ඉදිරියට යන්නේ.

මං ඉස්සර නම් හිතාගෙන හිටියේ air hoster කෙනෙක් වෙන්න.මගේ දෙමව්පියන්ගෙත් ලොකු කැමැත්තක් තිබුණෙ නැහැ මම රංගනයට එනවට.ඒත් ඉතිං මම ජනප්‍රිය වුණාට පස්සේ එයාල ගොඩක් ඒකට හෙල්ප් කරනවා.දැන්නම් හිතෙනවා රංගනය පැත්තට ආපු එක ගොඩක් හොඳයි කියලා.

145841757 110969440988574 3591526065678789403 n

තාම නම් මං පෙම්වතියක් නෙවෙයි.හැබැයි මම ආදරය කරලා තියෙනවා.ඒ දේවල් පෞද්ගලික හේතු මත නැතිවුණා.ඒත් ඉතිං දැං හිතෙනවා ආදරෙන් පැරදුනු ඒක හොඳයි කියලා.මොකද දැන් මට ලොකු නිදහසක් තියෙනවා මගේ වැඩකටයුතු කරගෙන යන්න.ඉස්සරහට නිවේදනයෙන් ආරාධනා ලැබුණොතින් අනිවාර්යෙන්ම බාරගන්නවා.” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් රංගන ක්ෂේත්‍රය තුළ ඉතාම කෙටි කාලයකින් ලොකු ජනප්‍රියතාවයක් ලබා ගත් අවිශ්කාට ඉදිරි අනාගත කටයුතු සියල්ල සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

109789418 2052838684860500 9028547605625344111 n