උණුසුම් පුවත්
Search
damitha

”මමත් අවුරුදු සමරනවා හිරගෙදර” – අතුරුදන්ව සිටි දමිතා අබේරත්න

192

රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇගේ සැමියා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පෙරේදා ඉදිරිපත් වී තිබෙනවා.

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනි දමිතා අබේරත්නට සහ ඇයගේ සැමියාට විදේශගත වීම ද තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පසුගිය 03 වනදා නියෝගයක් නිකුත් කර තිබූ අතර පසුගිය දින වල ඔවුන් සොයා පොලිසිය ගිය ද නිවෙසින් අතුරුදන් බව වාර්තා වී තිබුණා.

No photo description available.

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ඥාතියකුගේ නිවෙසක සැඟව සිටින බවට විශ්වාස කරන බවත්, ඔවුන් විදේශගත වීමේ අවදානමක් ඇති බවත් කියමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරුවන්ට විදේශගත වීම වළකාලමින් නියෝගයක් නිකුත් කොට තිබෙනවා. රහස් පොලිසිය මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමක් කරමින් තමන් සහ සැමියා අත්අඩංගුවට ගැනීම වළකාලන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම ප්‍රතික්ෂේප වී ඇතැයි දැනුම් දී තිබුණා.

No photo description available.

ඉන් අනතුරුව සැකකරුවන්ගේ නිවෙස සෝදිසි කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් ඔවුන්ගේ නිවෙසට ගියත් එහි කිසිවකු නොසිටි බව වාර්තා වී තිබූ අතර පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් වුණා.

එම අවසථාවේ මාධ්‍ය අමතා ඇය මෙසේ කීවාය.
“මම හැංගුනේ නැහැ. මේ රටේ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙමෙයි මේ දමිතා…. දමිතා කියන්නේ 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු ඒ කාලකන්නි ක්‍රමයට එරෙහිව අරගල කරපු ගැහැණියක්. මම අද අධිකරණයට භාර වෙනවා. ඔය පොහොට්ටුව ඇතුළු දේශබන්දු මේ සිඟිති ආතල් එක ගන්න. මමත් අවුරුදු සමරනවා, හිරගෙදර….. ”

No photo description available.