ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය අධිකරණ නඩු විභාගයකට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය කැමරා කන්ඩායම් ඇගෙන් කාන්තා දිනය ගැන විමසන්නට වූ අතර ඇය ඔවුන් වෙත මෙසේ පැවසුවාය.
“අපේ රටේ කාන්තාව කියන තැනට බොහොම අඩු, කියාගන්න බැරි තරම් පහත් තැනක්. ඒවා වෙනස් වෙන්න ඕනෙ කියලා තමයි මම කියන්නේ. කාන්තාවන්ටත් කියන්නේ දැන් නැඟිටින කාලේ ඇවිල්ලා…..”
කාන්තාවන්ට සම තැන ලැබී ඇති බව පිළිබඳව ප්‍රශ්න කෙරූ මාධ්‍යවේදියාට ඇය මෙසේ පැවසූවාය.
“ඔබතුමා ඔතන ඉඳලා සමතැන තියෙනවා කියලා කියනවා. එතකොට සම තැන කාන්තාවකට හම්බුවෙලා තියෙනවද? අපේ පිරිමි පරපුර කතා කරන්න ගත්තොත් කාන්තාවට වචන දෙකක් කියනවා. මේක මාධ්‍යක් මට ඒ වචන දෙක කතා කරන්න බැහැ….. උදාහරණයක් හැටියට ගණිකා නිවාසයක් වැටලුනා කියලා කියනවා. එතන ඉන්නෙ කාන්තාවන් , එතන ඉන්න කාන්තාවන් ගණිකාවන් උනේ කොහොමද එතන පිරිමියෙක් නැතිව. කාන්තාවට සම තැන තියෙනවා කියලා ඔබතුමා කියන එකට මං විරුද්ධයි…..
කාන්තාව නොමඟ යනව නම් ඒකට වග කියන්න ඕනෙ කවුද, කියන එකට වගකියන්න ඕනේ ගෙදර සහ තමන්ගේ ස්වාමි පුරුෂයෝ.”
කාන්තාවන් සම්බන්ධව ඇති නීතිය පිළිබඳව විමසූ පසු ඇය මෙසේ පැවසුවාය.
“ඔබතුමා අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න අවස්ථාවක් දැන් නැහැ, මොකද අධිකරණ නඩුවක සැකකාරියක් වෙලා ඉන්න වෙලාවක.”