උණුසුම් පුවත්
Search
himaya

”මම ගොඩක් මිනිස්සුන්ට රැවටිච්ච කෙල්ලෙක්” – ජනප්‍රිය නිලි හිමයා බණ්ඩාර

468

ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත වගේම හැමෝගෙම කතාබහට ලක්වුණ චරිතයක් තමයි සොනාලි ටීචර් කියන්නේ…. කොහොම වුනත් සොනාලි ටීච දැන්නම් දෙවෙනි ඉනිම නාට්‍යයෙන් වැඩිය දකින්න ලැබෙන්නේ නෑ, ඉතින් මේ හැමෝම ආදරේ කරන සොනාලි ටීචගේ චරිතයට පන පෙව්වේ දක්ෂ රංගන ශිල්පිනියක වන හිමායා බණ්ඩාර විසින්. මේ කතාබහ හැමෝම ගොඩක් ආදරේ කරපු සොනාලි ටීච එහෙමත් නැත්නම් හිමායා බණ්ඩාර සමග කළ සාකච්ඡාවකින් උපුටා ගත්තක්.

image 121

ඉතින් හිමායා කොහොමද ජීවිතේ… මොකද වෙන්නේ මේ දවස්වල?

”මේ දවස්වල නිර්මාණ කිහිපයකට සම්බන්ද වුනා… ඒ වගේම දෙවෙනි ඉනිම නාට්‍යයේ කොටස් කිහිපයකට ආයෙමත් රංගන දායකත්වය ලබා දුන්නා, ලැබුන පිටපත් කිහිපයක් තියෙනවා, ඒවා බලන්නත් ඕන…. ඔය වගේ වැඩ ටිකක් තමයි තියෙන්නේ, ඒ හැරෙන්න ගොඩක් සතුටින් සුවෙන් ඉන්නවා,”

image 115

හිමායට ජීවිතේ සමහර සිදුවීම් අමතක කරන්න අවස්තාවක් ලැබුනොත් ඔයා මොනවද අමතක කරන්නේ?

”ඇත්තම කියනවනම් මගේ ජීවිතේ මුණගැහුන සමහර මිනිස්සු පස්සේ කාලේ හරිම නරක විදියට දරුණු වුණා…. මම හරිම ඉක්මනට මිනිස්සුන්ට රැවටෙනවා, මේ වෙනකන් මම ගොඩක් මිනිස්සුන්ට රැවටිලා තියෙනවා, වචනයක් දෙකක් ආදරෙන් කතා කලාම මෙයා නම් අනේ හරිම හොඳයි කියලා යාළුවො විදියට ආශ්‍රය කරන්න පටන් ගන්නවා…

image 116

සමහර වෙලාවට මම ඇඳන් ඉන්න ඇඳුම් පවා ගලවලා දීලා තියෙනවා…. මට කන්න නැතත් සමහර අයට කන්න උයලා දීලා තියෙනවා… හැබැයි ඒ අය පස්සේ මට සැලකුවේ හරිම නරක විදියට, ඉතින් මට අවස්තාවක් ලැබුනොත් ඒ අය සේරම අමතක කරලා දානවා….”

image 117

මේ වෙද්දී ජනප්‍රිය රංගන ශිල්පිනියක් කිහිපයක්ම දේශපාලනයට සම්බන්ධ වෙලා තියෙනවා… ඉතින් හිමායා ආස නැද්ද දේශපාලනයට සම්බන්ද වෙන්න?

”අම්මෝ මගේ දූවිල්ලක්වත් දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නෑ, මම විශ්වාස කරන දෙයක් තියෙනවා…. මිනිස්සුන්ට උදවු කරන්න දේශපාලනේට යන්න ඕන නෑ, අපි නිලියෝ උනාට ලොකුවට සල්ලි හම්බ කරලා නෑ, හැබැයි අපි අපිට පුළුවන් විදියට උදවු කරනවා…. මට එහෙම මිනිස්සුන්ට උදවු කලාම ඇති….”

image 118
image 119