හිතුවෙවත් නැති මොහොතක වාසනාවන්ත විදිහට ලැබුණු ටෙලි නාට්‍යය ආරාධනාවකින් කලා ක්ෂේත්‍රයත් එක්ක එකතු වුණු දක්ෂ කලාකාරිනියක් තමයි යුරේනි නොෂිකා කියන්නේ. ඇය ඇත්ත වශයෙන්ම බොහෝ දෙනෙක්ගේ හදවත දිනා ගත්තු කලාකලාකාරිනියක් කියන්න පුළුවන් කෙනෙක්. යුරේනි කියන්නේ නිරන්තරයෙන්ම අලුත්ම ආකාරයේ විලාසිතාවන් අනුගමනය කරන කෙනෙක්. ඒ වගේමයි ඒ විලාසිතා නිසා නිතර කතාබහට ලක්වෙන චරිතයක්.
ඇය විලාසිතා අනුගමනය කරන විදිහ නිසා බොහෝ දෙනාගේ කතාබහට ලක් වෙච්ච තවත් බොහෝ දෙනෙක් ආදරය කරන ඒ වගේම තවත් පිරිසක් විවේචනය කරන ජනප්‍රිය තරුවක් බවට පත්වුණා. කෙසේ නමුත් තමන්ට ලැබෙන දෝෂාරෝපණ සියල්ල ආශිර්වාදයන් විදිහට බාර ගත්තු ඇය අද වෙද්දි කලා ලෝකය තුළ තමන්ගෙම කියන අනන්‍යතාවයක් ස්ථාවරත්වයක් ඇයගේ උත්සාහයෙන් ගොඩනගා ගෙන තියෙනවා.

යුරේනිගේ අම්මයි තාත්තයි පුංචි කාලෙදිම ඇයට අහිමි වෙනවා… ඒ නිසා ආච්චි අම්මා ගාව තමයි ඇය හැදී වැඩෙන්නේ. බොහෝ කාලයක් නේවාසිකව අධ්‍යාපන කටයුතු හදාරපු කෙනෙක්. හොස්ටල් ජීවිතයක් ගත කරමින් තමයි ඇය පාසල් ඉගෙනීම් කටයුතු කරලා තියෙන්නේ. ඉතින් සෑම සාර්ථක පුද්ගලයෙක් පිටිපස්සේ කඳුළු කතාවක් තියෙනවා වගේ යුරේනි පසුගිය දවසක ඇයගේ ජීවිතයේ ඒ කඳුළු කතාව ප්‍රසිද්ධ වැඩසටහනක් ඉදිරියේ කඳුළු සලමින් නිවේදිකාව පවා සංවේදී කරමින් ප්‍රකාශ කළේ පහත ආකාරයටයි.

”මට ආච්චි අම්මා අවුරුද්දට මහලා දෙන්නේ ඇදුම් දෙකයි. නත්තලට ඇඳුමක් මහලා දෙනවා, අවුරුද්දට ඇඳුමක් මහලා දෙනවා. මම ගොඩක් වෙලාවට ඇන්දේ සෙකන්ඩ් හෑන්ඩ් ඇඳුම්. අපේ පල්ලියේ ගොඩක් පෝසත් අය ඉන්නේ. ඒගොල්ලො ඇඳලා අයින් කරපු ඇඳුම් තමයි මම ඉස්කෝලේ යනකම් ඇන්දේ. මම අවුරුදු දොලහක් දහතුනක් තව මිනිස්සුන්ගෙ ඇඳුම් තමයි ඇන්දේ. ආච්චිගේ මල්ලිගේ දුවෙක් හිටියා, එයාගේ ඇඳුම් ඇන්දා… අද ජීවිතයේ මට පිටරට වල ගිහින් ඇදුම් ගන්න මට දෙවියෝ චාන්ස් එකක් දීලා තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම දකිද්දී මට මාර සතුටුයි. “

ඉතින් ඇය ඒ විදිහට තමයි ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගත කරමින් අද වෙද්දි බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක් බවට පත්වුණේ.
මේ වන විට ඇය අපේ රටේ කලාශිල්පීන් අතර හොඳ ආදායමක් ලබන තරුවක්.




- ”මං එංගලන්තෙට ගියාම වැඩිපුර ඇඳුම් ගේනවා” – සෙනාලි ෆොන්සේකා
- සුරූපී පුෂ්පිකාගේ නුවරඑළි සංචාරය (ඡායාරූප සහිතයි)
- ”දැන් රඟපාලා විතරක් ජීවත් වෙන්න බෑ” – වොල්ගා කල්පනී
- ”රට ගැන කළකිරිලා නෙවෙයි ප්‍රංශේ ගියේ” – දිල්කි උරේෂා
- ”විවාහයට සුදුසුයි කියලා හිතුණොත් පුජනී එක්ක විවාහ වෙනවා” – ගයාන් ගුණවර්ධන
- තරගයක් නැතිවම මෙවර ”මිසිස් ශ්‍රී ලංකා කිරුළ” ඌෂි පෙරේරාට (ඡායාරූප සහිතයි)
- ”විවාහ ජීවිතේ ගැන බොරු කියන්න මට බෑ, හැබැයි ඒක අපූරුයි” – අභිෂේකා විමලවීර
- රංගන ශිල්පිනි සඳනි පතිරණගේ යුග දිවියට (ඡායාරූප සහිතයි)