රටම දන්නා ඇය නමින් නර්මදා යාපා අබේවර්ධනයි. නිරූපණ ක්ෂේත්‍රය හරහා නමක් දිනා සිටින ඇය නිවේදිකාවක් ලෙසත් මේ දින වල ඉතාමත් ප්‍රකටයි. කාලයෙන් කාලයට පුවත් මවන ඇය පෞද්ගලික ජීවිතයේ නම් විවාහ දෙකකටම සමු දීලා දරුවන් දෙදෙනෙකු සමඟ තනි වූ සිංගල් මාම් කෙනෙක් ලෙසයි පසුගිය කාලයේ ජනප්‍රිය පුවතක් වුණේ. දරුවන් හදාවදාගෙන කටයුතු කරන බව කියූ ඇයගේ පෙම්වත් කතා ප්‍රවෘත්තියත් දැන් කාටත් රහසක් නෙවෙයි.

ඇයගේ පෙම්වතා නමින් රොෂාන් රණසිංහයි. ඔහු කායවර්ධන ශිල්පියෙකු ලෙසත්, හිටපු නාවුක හමුදා නිලධාරියෙකු ලෙසත් ප්‍රකටයි. එමෙන්ම ඔහුද දරුවන් දෙදෙනෙකු සිටින පුද්ගලයෙක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කොහොම වුණත් ඇය ඇගේ විවාහය ගැන නම් සතිඅන්ත පුවත්පතකට කියා තිබුණේ මේ විදිහේ කතාවක්,
“නැවත විවාහ වෙන්න නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ. මම බොරු කියන්න අකමැතියි….. මම සිංගල් නම් නැහැ.

මට ආදරය කරන, මම ආදරය කරන, මගේ ජීවිතයේ දුක – සතුට බෙදාගනිමින් මාව තේරුම් ගන්න කෙනෙක් ජීවිතයේ ඉන්නවා…..”

නැවත විවාහ වීම ගැනත් නර්මදා වෙනස් ම විදිහේ කතාවක් තමයි කියන්නේ…..
“මෙහෙමයි. ජීවිතයේදී අපි හැමෝටම වැරැදීම් විය හැකියි. වැරැදුණා කියා පසුතැවෙමින් ඉන්න බැහැ….. සතුටින් ආදරණීය, හොඳ පවුල් ජීවිතයක් ගතකරන්න මමත් කැමතියි. ඉදිරියේදී සියල්ල සාර්ථක වේවි යැයි විශ්වාස කරනවා. ජීවිතයේදී කොළයකට පමණක් යටත් වන්න මට අවශ්‍ය නැහැ. පළමුව දෙදෙනා හොඳින් තේරුම්ගත යුතුයි. දැන් මම විතරක් නෙමෙයි මට දරුවෝ දෙදෙනෙක් සිටිනවා වගේම අපේ ජීවිත වලට එකතු වෙන කෙනා ගැනත් සිතිය යුතුයි. එනිසා නිසි අවබෝධයක් නැතිව තීරණ ගන්න බැහැ වගේම කිසි දේකට ඉක්මන් විය යුතුත් නැහැ….”
