උණුසුම් පුවත්
Search
shalini

”මටත් හිතෙනවා විවාහ වෙන්න කලේ හොඳයි කියලා” – ශලනි තාරකා

1022

ලංකාවේ රංගන ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින සම්මාන පිට සම්මාන ලබාගත් දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නෙ. විවිධ චරිත හරහා ඇය ප්‍රේක්ෂකයාගේ හදවත් තුළ ඉතාමත් ආදරණීය රංගන ශිල්පිනියක් බවට පත්වුණා කීවොත් නිවැරදියි. කොහොම නමුත් බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත ඇයගේ අලුත්ම තොරතුරු දැනගැනීමට ඇය සමඟ කළ කතාබහක උපුටා ගැනීමක් තමයි මේ….

පහුගිය කාලයේදි ඔබ සමාජයෙ ඇත්තටම ජීවත්වෙන චරිත නේද රඟපෑවේ?

”ඔව්, රංගන ශිල්පිනියක් විදිහට මම එකම චරිතවලට කොටුවෙන්න කැමති නැහැ…. ඒ නිසා මම අනෙක් පරාසවල චරිත රඟදැක්වීමටත් උත්සාහ කළා. විශේෂයෙන් අඩෝ, ගිරිදේවි, මීනු වැනි ටෙලි නාට්‍යයන්හි චරිත. ගොඩක් දුරට ඒ චරිත සමාජයේ ඇත්තටම ජීවත් වෙන චරිත. මම කරපු ඒ රඟපෑම් කොච්චර සාර්ථකද කියනවා නම් ඒ වෙනුවෙන් මට ⁣සම්මාන උළෙලවල්වලදි හොඳම නිළිය සහ ජනප්‍රියම නිළිය කියන සම්මාන ද්විත්වයම හිමි වුණා.”

image 138

ඔබ ක්ෂේත්‍රයට ආවේ සිරස කුමරිය වැඩසටහනෙන්. පැජන්ට් වලින්, අවුරුදු කුමාරි තරග වලින් ජයග්‍රහණය කළ පමණින් හැමෝටම නළු නිළියො වෙන්න පුළුවන්ද?

”මේ වෙද්දි පැජන්ට් සහ අවුරුදු කුමාරි තරගවලින් ඕනම කෙනෙක්ට කලා ක්ෂේත්‍රයට එන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් ඒ කෙනාගෙ පැවැත්ම තීරණය වෙන්නෙ රංගනයට තියෙන හැකියාව, උනන්දුව සහ කැපවීම මත. මමත් ක්ෂේත්‍රයට ආවේ රියැලිටි තරගයක් හරහා. නමුත් රංගනය කියන දේ මම ගොඩනගාගෙන නොතිබ්බා නම් අතරමගදි මගේ ගමන වුණත් නවතින්න ඉඩ තිබුණා….”

image 139

ඔබ දක්ෂ ගී පද රචිකාවියක්. අලුතෙන් ගීත මුකුත් ලිව්වෙ නැද්ද?

”අලුතින් ගීතයක් ලියලා තියෙනවා. ඉදිරියේදි එය පටිගත කිරීමට බලාපොරොත්තු වෙනවා.”

image 143

විවාහය ගැන තවම තීරණයකට ඇවිත් නැද්ද?

”මටත් හිතෙනවා මම විවාහ වීමට සුදුසු කාලය මේ වෙද්දි හරි කියලා…. ළඟදීම ඒ ගැන තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා…”

image 140

ඉදිරියේදි ප්‍රේක්ෂකයන්ට ඔබව දැකගත හැකි නිර්මාණ මොනවද?

”ටෙලි නාට්‍ය කිහිපයක්ම විකාශය වෙන්න තියෙනවා….. ඒ අතරින් ‘වීනස්ගේ උපත, තත්පරයක් දෙන්න, අක්ෂි, අසලියා’ වැනි ටෙලි නාට්‍යයන් ප්‍රේක්ෂකයන්ට ළඟදීම බලන්න පුළුවන් වෙයි.”

සිනමාවේ ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?

”‘වියසිදුරු’ සහ ‘සීගිරි’ යන චිත්‍රපට ද්විත්වය ඉදිරියේදි තිරගත වීමට නියමිතව තිබෙනවා. තවත් සිනමාපට කිහිපයකින් මේ වෙද්දි ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියෙදි ඒවාත් ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන් වෙයි….”

image 141

ප්‍රේක්ෂකයන්ගෙන් ඔබට ලැබෙන ආදරය ගැන මොකද හිතන්නෙ?

”අපි කරන නිර්මාණ ප්‍රේක්ෂකයන් වැලඳ ගත්තොත් විතරයි කලාකරුවන් විදිහට අපිට පැවැත්මක් තියෙන්නෙ…. මම අද ක්ෂේත්‍රයේ මේ තාක් දුර ඇවිත් තියෙන්නෙත් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය නිසා…. ඒ ආදරය තමයි මට ලැබුණ වටිනාම සම්මානය. ඒ පිළිබඳව මම නිහතමානීව ආඩම්බර වෙනවා.”

image 142

ලක්ෂාන් නිලංක ජයසූරිය