උණුසුම් පුවත්
Search
umariya

”දරුවොත් එක්කම ඉන්න අම්මා කෙනෙක් වෙන්න මමත් ආසයි” – උමාරියා සිංහවංශ

277

උමාරියා සිංහවංශ කියන්නේ නූතන ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ අපූරු සළකුණක් තැබූ දක්ෂ ගායිකාවක්. විශේෂත්වය වන්නේ විවිධ භාෂා ශෛලීන්ගෙන් ඇයට ගීත ගැයීමට හැකියාවක් තිබීමයි. ඉතින් ඒ නිසාම ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරය වගේම ආකර්ෂණය ලබා ගන්නට පුළුවන්. ඉතින් පසුගිය දා පැවති වනිතාභිමානි වසරේ ජනප්‍රියතම කාන්තාව ලෙස පිදුම් ලබන්නට ඇය සමත් වෙනවා. ඇගේ ”මන්ද පමා” ගීතයට බොහෝ දෙනා ආදරය කරන්න පටන් ගත්තා. ඒ වගේම කවුරිත් නොසිතූ විදියට විව්ස් මිලියන 23 පසු කරලා. ඉතින් ජනප්‍රියත්වය එක ලෙස පැවති එම ගීතය නිසා උමාරියාට ගොඩ දෙනෙක් ආදරය කරන්න පටන් ගත්තා.

image 77

ක්ශේෂ්ත්‍රයට ඇවිත් අවුරුදු 17ක් වෙන උමාරියාගේ කලා ජීවිතයේ සුබ – අසුබ කාලයන් පසු කරල තියෙනවා. ඉතින් ඒ ආව ගමනේ ඇයට පසුපසින් සිටිමින් සැමියා සහ පවුලේ අය තමයි හැම වැඩ කටයුත්තකටම උදව් කරන්නේ. ඉතින් උමාරියාගේ ගීත ඇල්බමය වන ‘ නානේ’ ඇල්බමයේ වැඩ කටයුතුත් එක්ක ඇය කාර්‍යබහුල වෙලා ඉන්නේ. ප්‍රංශයේ ඉන්න සැමියා සමගින් කාලය ගත කරන්නට හැකි වෙනවා. ඉතින් පසුගියදා පැවති සම්මාන උළෙලේදී ඇය ලැබූ ජයග්‍රහණයත් එක්ක ඒ සතුට ඇය පුවත්පතකට සදහන් කලේ මේ විදියටයි.

image 75

”එදා දැනුණ සතුට නම් කියලා නිම කරන්න බැහැ. ඒ වගේම මගේ තාත්තට ලස්සන උපන්දින තෑග්ගක් දෙන්න ලැබුණා…. ඒ ආදරයට ලාංකික ප්‍රේක්ෂකයන් සියලු දෙනාට හිස නමා ආචාර කරනවා. මගේ රටේ ජනතාව නිරන්තරයෙන් මට ලබා දෙන කරුණාව සහ ආදරය ගැන මම සැබැවින්ම කෘතඥ වෙනවා. ඇත්තටම කලා ජීවිතේ පටන් ගත්ත දවසේ ඉඳලා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ඒ ආදරේ පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ. ඒ සම්මානය මට විතරක් ලැබුන එකක් නෙමෙයි. ලංකාවේ හැම කාන්තාවක් වෙනුවෙන් ලැබුණු සම්මානයක් මේක. ඒ නිසා ඒක ඉවර නිහතමානීව ආඩම්බර වෙනවා.”

ඉතින් හැම ගැහැණියකටම වගේ උමාරියාටත් පොදු වූ සිතුම් පැතුම් තියෙනවා පෞද්ගලික ජීවිතේ. ඒ ගැන ඇය මේ විදියටයි කිව්වේ.

image 76

”අවුරුදු හතරක් අපි විවාහ වෙලා. මාත් ආස දරුවෝ ලබල සතුටින් ජීවත් වෙන්න….. මම දරුවන්ට හරිම ආසයි. දරුවොත් එක්කම ඉන්න අම්ම කෙනෙක් වෙන්න මමත් ආසයි. ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේ වෙලාවට දේවි. ඒ බලාපොරොත්තු වේ ඒ කාලය අනුව ඉටු වේවි…’’

මේ විදියට තමයි ඇය ඒ පිලිබදව අදහස් දැක්වූයේ.

image 74