ජනප්‍රියත්වයට පත්වෙමින් නිරන්තරයෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගන්නා අපේ කලා ක්ෂේත්රයේ ඉන්න සුන්දර මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි පූජානි භාග්‍යා කියලා කියන්නේ.
කොහොම වෙතත් මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක් මගින් සංවිධානය කළ අවුරුදු කුමරිය තේරීමේ තරගාවලියක් හරහා කලා ක්ෂේත්රයට පිවිසෙන ඇය මේ වෙද්දී රටම හදුනන චරිතයක් බවට පත්ව තිබෙනවා.

මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමග අදහස් දක්වලා තිබුණේ මෙන්න මේ විදියටයි.
එහි දී ඇය ඇගේ අලුත්ම තොරතුරු ගැන කියලා තිබුණේ මෙලෙසිනුයි.
”ඉතින් කෙටි කාලයක් මම කලා කටයුතු වලින් ඈත් වෙලා හිටියා…. මම රංගනයෙන් දායක වුන මැස්සා ටෙලිනාට්‍ය ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වෙන්න පටන් ගත්තා…. මුලින් තිබුන කළු දිග කොණ්ඩය කපලා, කලර් කරල කලින් කරපු ඒකාකාරී චරිත වලින් මිදෙන්න බාහිර පෙනුමෙන් වෙනස් කර ගත්තා… මම විවේක ගත්තේ ටෙලි නාට්‍යවලින් විතරයි” කියලයි පවසන්නේ.
ඒ අතර නිවේදන කටයුතු වගේම ෆොටෝ ෂූට් වලටත් සහභාගි වනවා කියන ඇය නිවේදන කටයුතු කියලා කියන්නෙ මම හරිම ආසාවෙන් කරන දෙයක් කියලයි කියන්නේ.

තවද ටෙලි නාට්‍ය රංගනයට වඩා මට වැඩි කැමැත්තක් තියෙන්නෙ නිවේදනයට කියලයි ඇය නම් කියා සිටින්නේ.
”ඒකට මම දක්ෂයි කියල හිතනවා…. මේ දින වල මට සිරස ටීවී නාළිකාවෙ සති අන්තයේ ලවර්ස් ලේන් කියන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා…. ආදරය ගැන තමයි මම එහිදී කතා කරන්නේ…. ඒත් එක්කම යූ ටියුබ් නාළිකාවක නිවේදන කටයුතු සිදුකරනවා..” කියලයි පවසන්නේ.

”ඒ වගේම ගයාන්ගෙයි මගෙයි ‘ගයිය පූජි’ යූ ටියුබ් නාළිකාවේ කටයුතුත් කරගෙන යනවා” කියලයි ඇය කියන්නේ.
ආදරය ගැන අදහස් දක්වමින් ඇය කියන්නේ මෙවැන්නක්….
”මටත් දැන් ආදර කතාවක් තියෙනවා… ඒ කතාව කියන්න තවම කාලය ඇවිත් නැහැ කියලා මම හිතනවා… අපි මේ දවසට විවාහ වෙනව කියලා සියලු දේ සැළසුම් වුණාට පස්සෙ තමයි මම මගේ ආදර කතාව කියන්නේ…. ”

ඇය ඇගේ හොඳම යහළුවා විදියට හඳුන්වා දෙන ගයාන් ගැනත් මෙහෙම කියනවා…
”මට ගයාන්ගෙන් ලොකු සහයෝගය ලැබෙනවා…. කලා ක්ෂේත්රයේ මට යාළුවො නැති නිසා මට ආරාධනයක් ලැබුණත් ගයාන් එක්ක කතාබහ කරලා තමයි තීරණයක් ගන්නේ” කියලයි ඇය පවසන්නේ.

”මේ අතර මගේ මුල්ම හීනය වුණෙත් ෆිල්ම් ඇක්ටර් කෙනෙක් වෙන එකයි… මම අඩි පහයි අඟල් අටක් උසයි… මගේ පෙනුමත් එක්ක බලාපොරොත්තු තිබුණත් මට අවශ්‍ය කාලෙදි ඒ අවස්ථාව ලැබුණෙ නැහැ…” කියලත් ඇය පවසනවා.
ඒ වගේම මෑත කාලයේ එවැනි අවස්ථා කිහිපයක් ලැබුණත් මට නොගැලපෙන දේවල් නිසා අතහරින්න සිද්ධ වුණා කියලයි ඇය අවසාන වශයෙන් කියන්නේ.




