උණුසුම් පුවත්
Search
Untitled design 12

” හස්බන්ඩ් හරි ආසයි ළමෙක් හදන්න එයා වෙලාවකට මාත් එක්ක රණ්ඩු වෙනවා ඒ ප්‍රශ්නෙට ” – චතූ රාජපක්ෂ

150

චතූ රාජපක්ෂ කියලා කියන්නේ මේ දවස් වල කා අතරත් ජනප්‍රිය චරිතයක්. Sirasa film star තුළින් කරළියට එන ඇය විටෙක අපට සිරස නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් රංගන ශිල්පිනියක් විදිහටත් දැකබලා ගන්නට පුලුවන් වෙනවා. ඉතින් මේ දවස් වල නම් ඇයව ගොඩක් දෙනෙක් හඳුන්වන්නේ බන්ධනා කියන නමින්. ඒ මේ දවස්වල අතිශය ජනප්‍රිය වෙමින් විකාශය වන ටෙලි නාට්‍යයක් වන බන්ධනා ටෙලි නාට්‍යයෙහි ප්‍රධාන චරිතය සඳහා ඇය රංගනයෙන් දායක වන නිසයි. ඉතින් මේ වන වනවිට සාර්ථක යුග දිවියක් ගත කරන ඇය විවාහ වූයේ අති උත්කර්ෂවත් මංගල උත්සවයක් අරගෙනයි. ඒ සඳහා කලා ලොව තුල සිටින බොහෝ රංගන ශිල්පීන් මෙන්ම කලාකරුවන් එක් වී සිටියා. ඉතින් පසුගිය දිනකදී ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ නවතම තොරතුරු රසිකයා සමග රසිකයන් සමඟ බෙදා ගත්තේ මේ විදිහට.

74957 chathu rajapaksha

” මම මේ ගමන ආවෙ ඉතාම සෙමින්. බොහෝ දෙනෙක් මාව දන්නෙ නිවේදිකාවක් විදිහට. සිරස ආයතනයේ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදිිකාව හැටියට වසර දෙක හමාරක් වැඩ කළා. එතකොට ගොඩක් දෙනෙක් කතා කළේ news කියන චතූ කියල. අද වන විට රංගන ශිල්පිනියක් හැටියට මම ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි.

ඒ වගේම රංගන ක්ෂේත්‍රය තුළ ඇයට එල්ල වී ඇති කැපිලි කෙටිලි පිළිබඳව ඇය දැක්වූයේ මෙවන් අදහසක්.

Chathu Rajapaksha Feet 6432697

” මං මේ ගමන එන්නෙ 2016 වසරෙ ඉඳන්. මේ වන තුරු පැමිණි කාලයේදී ඕනෑ තරම් කැපිලි කෙටිලි වලට මුහුණ දීල තියෙනව. එදා චතූ රාජපක්‍ෂ කිව්වාම ලංකාවේ හැමෝම දන්නෙ නැහැනෙ. නමුත් දැන් දැන් යම් පිරිසක් මාව දන්නව. ඒ තැනට එන්න මං ලොකු කට්ටක් කෑව. සමහර අයගෙ කේලම් නිසා මට ලැබෙන්න තිබුණ චරිත පවා නැති වුණා. අපි ඒ වගේ අභියෝග වලටත් මුහුණ දෙන්න ඕන. “

Chathu Rajapaksha Feet 6434522

” අපේ අම්මා නිතරම අහනවා දැන් ඉතින් කවදද අපිට බබෙක් බලන්න තියෙන්නේ කියලා. හස්බන්ඩ් නම් ගොඩක් කැමතියි බබෙක් හදන්න. ඒත් මම කියන්නේ තවම ඒකට අපිට සුදුසු කාලය නෙමෙයි කියලා. හස්බන්ඩ් සමහරක් වෙලාවට මාත් එක්ක රණ්ඩුත් වෙනවා ඔය ප්‍රශ්නෙට. “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Chathu Rajapaksha 6