බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක් තමයි හේෂානි ලියඳිපිට කියන්නේ…. ඇයගේ විනෝදාංශය විදියට බොහෝ තැන් වල ඇවිදින්නත් ඒ මතක සමාජ මාධ්ය් අඔස්සේ ප්‍රසිද්ධ කරන්නත් ඇය අමතක කරන්නේ නෑ. ඉතින් මේ ලංකාවේ වගේම පිටරට වලත් සංචාරය කරන ඇයත් සමඟ කළ සාකච්ඡාවකින් උපුටාගත්තක්.
හේෂානි Travel කරන කෙනෙක්ද ?
ඔව්… මම Travel කරන්න ගොඩාක් කැමති කෙනෙක්. ලැබෙන පුංචිම වෙලාවෙත් කොහේ හරි කොෆී ෂොප් එකකට හරි යන්න තමයි කැමති… නිවාඩුවක් ලැබුණු ගමන් ගෙදර ඉන්නවා නම් හරිම අඩුයි. කොහේ හරි ඇවිදින්න යන්න තමයි බලන්නෙ. මම විවාහ වෙන්න කලින් හස්බනුයි මමයි නුවර වගේ දවසින් ගිහින් එන්න පුළුවන්ට් රිප්ස් ගියා. එන්ගේජ් වුණාට පස්සේ අපි දෙන්න ගෙවල් දෙකක හිටියා වුණත් රටවල් දෙකක වුණත් වීසා ගන්න ලේසි රටවල් වලට Travel කරන්න ගියා. අපි දෙන්නම Travel කරන්න කැමති නිසා දැන්නම් ලැබෙන හැම අවස්ථාවකම කොහෙහරි ඇවිදින්න යනවා….
හස්බන් එක්ක තමයි වැඩිපුරම Travel කරන්නේ. තනියම ඇවිදින්න ගිහින් නැහැ. ඊට අමතරව කැම්පස් ගියාට පස්සේ යාලුවෝ එක්ක නුවර, ඩවුන් සවුත් එහෙම ගිහින් තියෙනවා. ඇත්තටම මට ලැබුණු ලොකුම සපෝටර් තමයි හස්බන්. ලෝකයේ දැකපු නැති තැන් දකින්න, ලස්සන තැන් බලන්න එක්කන් යන්නේ ඔහු. පුංචි කාලේ ලංකාවේ හැමතැනම එක්කන් ගියේ තාත්තා…. දැන් හස්බන් ඒ විදියටම මගේ කැමැත්ත තේරුම් අරන් මාව සතුටින් තියන්න පුළුවන් දේවල් කරනවා.
හේෂානි Travel කරලා තියෙන විදේශ රටවල් මොනවද ?
මම රටවල් කීපයකම Travel කරලා තියනවා. මුලින්ම අපි දෙන්නා ගියේ බාලි වලට. ඊට පස්සේ ඉන්දුනීසියා, ඩුබායි වලත් අපි බීච් ඒරියා එකේ තමා ගොඩක්ම ඇවිද්දේ. මැලේසියා ගිහිනුත් බීච් සයිඩ්එකක් වෙන ලන්කවි කියන අයිලන්ඩ් එක පැත්තට ගියා. ඒ අයිලන්ඩ් එක සම්පුර්ණයෙන්ම බීච් එකෙන් වට වෙලා තියෙන්නේ. ඒ අතරින් අමතක නොවෙන තැන් කීපයක් තියනවා. මැලේසියාවේ ට්වින් ටවර් එක, ඩුබායි වල බර්ජ් කලීෆා, බාලි වල ඒ රටට අාවේනික ලස්සන තැන් නෝට් කරගෙන තමයි අපි Travel කරන්නේ. මම පෞද්ගලිකව ආයෙමත් යන්න හිතෙන තැනක් තමයි බාලි කියලා කියන්නේ. බාලි කියන්නේ ඇත්තටම පෙම්වතුන්ගේ නගරය කිව්වොත් හරි. මොකද ඉන්දුනිසියාවේත් ජකර්තා තමයි එයාලගේ ප්‍රධාන නගරය. ඉන්දුනීසියාවෙන් අපි ආයෙමත් Travel කරන්න ඕන ඩෙන්පාසා එයාපෝර්ට් එකට. එතනින් තමයි බාලි වලට යන්න ඕන. ඉතින් බාලි කියන්නේ නිදි නැති නගරයක්. අපිට ඕනෑම වෙලාවක ඇවිදින්න පුළුවන්. ඒ බාලි වල වැඩිපුරම මම දැක්කේ කපල්ස්. සමහරවිට වැඩිපුරම අපේ වයසත් එක්ක අපි එතනට කැමැත්ත දක්වනවා වෙන්න පුළුවන්…. ආදරය විතරක්ම පිරුණු නගරයක්. ඒ බාලි වලත් උබුත් කියන්නේ ගමක්. ඒ ගම හැමතැනටම වඩා ලස්සනයි. ඉතින් බාලි වල උබුත් නගරය කියන්නේ Travel කරන්න ලස්සනම තැනක්….
ලංකාවේ වැඩිපුරම Travel කරන්නේ කොහෙද ?
මම ගොඩක්ම කැමති නුවර එළියේ යන්න. සාමාන්‍යයෙන් නුවර එළියේ යන්න ගොඩක් අය කැමතියිනේ. පළවෙනියට ගාල්ල, මාතර ඇරුණම දෙවනියට මම නුවරඑළිය තෝරගන්නවා ලංකාවේ Travel කරන්න යන්න. පහුගිය දෙසැම්බර් මාසේ ක්‍රිස්මස් සීසන් එකෙත් ගිහින් ආවා…. එහෙ තියෙන කාලගුණය නිසා නුවර එළිය පරිසරය හරිම ලස්සනයි. ඊට අමතරව මගේ අප්පච්චිගේ ගම බණ්ඩාරවෙල නිසා අපි දෙන්නා හිතුණ ගමන් නුවර එළියේ ගිහින් එනවා. ලංකාවේ Travel කරන්න මම ආසම තැනක් තමයි නුවර කියන්නේ. හේතුව නුවරට ගියාම එන්න හිතෙන්නේ නැහැ. වැඩිපුරම රෑට නුවර වීදියේ ඇවිදින්න මම ගොඩක් කැමතියි. වාහනයක යනවට වඩා රෑට පයින් යන කෙනෙක් දන්නවා ඒක හරිම ලස්සන හැඟීමක් කියලා. නුවර කොච්චර ලස්සනද කියලා එහිදී දැකගන්න පුළුවන්.
Travel කරද්දී හේෂානිට කන්න ලැබුණු රස කෑම මොනවද ?
ලංකාවේ නම් කොහේ ගියත් මම කැමති පොල් සම්බෝල කන්න. ඕනෑම බුෆේ එකකට ගියත් මම පොල් සම්බෝල කෑමට එකතු කරගන්නවා. මම ඒ තරමටම පොල් සම්බෝල වලට හරිම කැමතියි. කොහේ ගියත් ඉතින් පොල් සම්බෝලයි, බතුයි, චිකන් කරියි වගේ තියෙනව නම් මම ගෙදර වුණත් ඒක තැනක් නොතැනක් නැතුව හදාගෙන අරගෙන හරි යනවා. පිටරටදී නම් මැලේසියා වල ස්ට්‍රීට් ෆුඩ් වලට හරි ප්‍රසිද්ධයි නේ. මම ගොඩක් වෙලාවට අපේ රටේ නැති ගොඩක් පළතුරු වර්ග වෙන රට වලදී ට්‍රයි කරන්න හරි කැමතියි. ඒ වගේම ඩුබායි වල නම් තියනවා ටර්කිෂ් ස්විට්ස් මම ඒවා ට්‍රයි කරනවා. ඊට අමතරව මක්ලුබා වගේ දේවල් ලංකාවේ අඩු නිසා ඒ වගේ දේවල් කන්න ආසයි. තව නුඩ්ල්ස් වගේ දේවල් වලට තමයි ගොඩක්ම කැමති. තව නාසි ගුරාන් වලටත් මම හරිම කැමතියි.
Travel කරද්දී කලින් ප්ලෑන් කරනවද ?
එහෙම විශේෂයක් නැහැ. යාලුවෝ එහෙම මැසේජ් දානවා නුවර යමුද කට්ටිය කියලා. ඊට පස්සේ සති දෙකක් වගේ තියාගෙන අවශ්‍ය කරන සල්ලි ලෑස්ති කරගෙන තමයි Travel කරන්න යන්නේ. අසාවෙන් ඉන්නවා ආයෙමත් යාලුවෝ එක්ක නුවර යන්න. ඒ වගේම මාතර හිරිකැටියේ බ්ලූ බීච් යන්න ආසාවෙන් ඉන්නවා….
පුංචි කාලේ තියෙන ලස්සනම Travel මතකය මොකක්ද ?
ඇත්තම කතාව මගේ හස්බන් මාව ලෝකේ වටේ එක්කන් යනවා වගේ මගේ අප්පච්චි මාව ලංකාව වටේ එක්කන් ගියා. ලංකාවේ නොගියපු තැනක් නැති තරම්. යාපනය කිට්ටුවට යනකම්ම මාව ඇවිදින්න එක්කන් ගියා. ඒ අතරින් එක තැනක් හරි විශේෂයි. චූටි කාලේ මට සීගිරියේ නගින්න බැහැ, මට අදටත් මතකයි. පඩිපෙළවල් වල යන්න බයයි. මොකද අද වගේ වෙනම විශේෂ පඩිපෙළවල් නැහැනේ. ඉතින් අප්පච්චි මාව බෙල්ට් එකක් දාලා පිටේ බඳාගෙන උඩට යනකන් එක්කන් ගියා. ආපහු පහළට බැස්සෙත් බෙල්ට් එකකින් බැඳගෙනම තමයි. ආයේ ජිවිතේ කිසිම දවසක ඒවගේ මතක ලැබෙන්නේ නැහැනේ. ඉතින් මම හරි ආදරෙයි ඒ මතකයන් වලට….