ප්‍රියසාද් පවුල කියන්නෙ අපේ රටේ නිතර කතාබහට ලක්වන, එකමුතුකමින් ආදරණීයව දවස් ගෙවන තරු පවුලක් කිව්වොත් හරි. ඒ නිසාම කවුරුත් බලාගෙන ඉන්නෙ මේ පවුලට උදාවන ලස්සන, විශේෂ දවස් ගෙවෙන්නෙ කොහොමද කියන කාරණය ගැන…..
ඉතින් පසුගිය දවසක ප්‍රියසාද් පවුලේ දෙවන දියණිය ශේශාද්‍රිගේ දියණිය, චූටි ක්රිෂාර්යාගේ දෙවන උපන්දිනය සැමරෙන්නෙ කොහොමද කියන එක ගැනත් හැමෝම වගේ බලාගෙනයි හිටියේ.
චූටි ක්රිෂාර්යාගේ උපන්දින කේක් එකත් කාගෙත් අවදානය දිනාගෙන තිබුණා. මොකද ඒ කේක් එක හැඩ වෙලා තිබුණේ ඇය වඩාත්ම සිත්ගත් ”නෙළුම් කුළුණ” එක්ක…
ඒ දවසේමයි ශේශාද්‍රිගේ මව, ශිරාණි ප්‍රියසාද්ගේ උපන්දිනයත් යෙදිලා තිබුණේ. ඉතින් මේ උපන්දින 02ම එකම දිනයේ හරි අපූරුවට සමරන්න පවුලේ හැමෝම කටයුතු කරලා තිබුණා.
ඔන්න ඒ ලස්සන දවස පාට පාටින් හැඩවෙලා තිබුණේ මෙන්න මේ විදියට.