උණුසුම් පුවත්
Search
shalani

විවාහයෙන් පසු විදෙස්ගත වෙන්න සැරසෙන ශලනි තාරකා අවසන් තනිකඩ උපන්දිනය සමරපු හැටි (ඡායාරූප සහිතයි)

3648

අපේ රටේ කලා ක්ෂේත්‍රයේ නමක් දිනාගනිමින් ඉදිරියටම යන කෙනෙක් තමයි ශලනි තාරකා කියන්නේ.

ටෙලි නාට්‍ය කලාව තුළ ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පිණියක් වුණු ඇය සිරස කුමරිය තරඟය හරහා තමයි ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ.

ඉතින් මේ වෙනකොට ශලනි තාරකා කියූ සැණින් ඇය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්.

image 83

නිරතුරුවම සම්මානයට පාත්‍ර වෙන ඇය තවමත් තනිකඩ දිවියක් තමයි ගත කරන්නේ.

කොහොම නමුත් පෞද්ගලික ජීවිතේ විවිධ හැලහැප්පීම් නිසා කාලයෙන් කාලයට ඇය ගැන බොහෝ දෙනා කතා කරන්නත් උනන්දු වුණා.

image 84

ඒවා එහෙම වුණත් ශලනි පසුගිය දිනෙක සිය ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක් ගෙනාවේ ඇයගේ 32 වන උපන්දිනය සමරමිනුයි.

ඒ ඇය මෙවර සමරන ඇයගේ අවසන් තනිකඩ උපන්දිනය බව සඳහන් කරමින්.

image 85

කොහොම නමුත් නිතර නිතර විදෙස්ගතවන ශලනි, ඇගේ පෙම්වතා විදෙස්ගතව ඉන්න කෙනෙක් නිසා, ඔහු ඇයගේ උපන්දිනයට එවපු තෑගි ගැනත් වීඩියෝවක සඳහන් කරමින් ඇය පෙන්වා සිටියේ ඒ කතාව තවදුරටත් සනාථ කරමිනුයි.

image 88

ශලනි තාරකා මෙවර උපන්දිනයේ මිතුරන් සමඟ සමරන්නත් අමතක නොකර ඒ වෙනුවෙනුත් වෙලාවක් වෙන්කර තිබුණේ ඇය විවාහයෙන් පසුව මිතුරු සමාගමෙන් සමුගන්නා බව ඉඟි කරමිනුයි.

image 86

එයට හේතුව ඇය පැහැදිලි කර නොමැති වුණත් විදෙස්ගත පෙම්වතා නිසා විවාහයෙන් අනතුරුව ඇයත් බොහෝ විට විදෙස්ගත වනු ඇති බවයි දැනගන්නට නම් ලැබෙන්නේ.

ඉතින් ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලබන ශලනි තාරකා ලබන වසරේ විවාහයෙන් පසුව කලාවෙන් සමුගනීදැයි කියා ප්‍රශ්නාර්ථයක් ප්‍රේක්ෂකයින්ට ඉතිරි කරමින් තමයි ඇය මේ විදියට උපන්දිනය සමරලා තිබුණේ.

image 87