උණුසුම් පුවත්
Search
narmada

ආයේ නම් පිරිමි එපා කියූ නර්මදා මෙදා පාර හිත ගත් පෙම්වතා එක්ක නුවරඑළියේ ගියපු හැටි (ඡායාරූප සහිතයි)

700

”Miss srilanka කිරුළ” දිනා ගැනීමට වරම් ලබපු ආදරණීය හදවතක් තියෙන සුන්දර රූපයක් තියෙන නිහතමානී කලාකාරිනියක් තමයි නර්මදා යාපා අබේවර්ධන කියන්නේ. ඇය ගැන කතා කරද්දි නිරූපණ ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන නිරූපිකාවක් විදිහටත් මේ සුන්දර චරිතය හඳුන්වන්න පුලුවන්. ඒ වගේම තමයි ඇය මේ වන විට රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් විදිහටත් ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියයි.

image 21

ඇගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරද්දි නර්මදාට ආදරණීය පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම තමයි විවාහය කියන දේ එක්ක ඇය අසාර්ථක වන අවස්ථා 02ක්ම ඇගේ ජීවිතයේ තියෙනවා. එනිසාම ආදරය පිලිබඳව අමිහිරි අත්දැකීම් තමයි ඇයට ලැබුණේ.

image 18

මේ සියලූ සිදුවීම් එක්ක ඇය නම් ”කවදාවත් කසාදයක් බඳින්නේ නැහැ, පිරිමි කියන ජාතියම තිත්තයි” කියන තැන හිටපු කෙනෙක් කියලා ඇයගේ පෙර මාධ්‍ය සාකච්ඡා වලින් දැනගන්නට ලැබුණා.

image 15

ඒ විදිහට කියපු නර්මදා පසුගිය කාල සීමාවේදී නැවත වතාවක් ඇගේ ජීවිතය බෙදාගන්න හරි අපූරු තරුණයෙක් තෝරා ගෙන තියෙනවා. ඔහු මොනවද කරන්නේ, කොහේ කෙනෙක්ද කියන්නම් නම් ඇය දැන්ම සඳහන් කරලා නෑ….

image 22

නමුත් එක්තරා පුවත්පතකට නර්මදා සඳහන් කරලා තිබුණේ මේ ආදරණිය පෙම්වතා ඇයටත් ඇයගේ ආදරණීය දරුවන් දෙන්නටත් හොඳින් සලකන නිසා ඔහුත් එක්ක ඉදිරියේ ජීවන කාලය ගත කරන්න ඇය සූදානම් කියන දේයි.

image 20

නමුත් ඇය සඳහන් කළා ආදරය විඳිමින් ජීවත් වුනත් කවදාවත් විවාහයකට යන්න ඇය තීන්දු තීරණ අරගෙන නැහැ කියන දේ.

image 19

කෙසේ නමුත් පසුගිය දවසක ඇය මේ පෙම්වතා සහ මිතුරන් එක්ක නුවර එළිය ප්‍රදේශයේ සංචාරයක ගොස් තිබෙනවා. ඒ අතරතුර ගත් සුන්දර ඡායාරූප එකතුවක් නර්මදා විසින් ඇගේ instragram ගිණුමට එකතු කරලත් තියෙනවා.

image 14

ඉතින් ඇගේ හිත නිමන පෙම්වතා මෙයා තමා කියන තමයි ගොඩක් දෙනෙක් මේ ඡායාරූප වලට අදහස් එකතු කරලා තිබුණේ.

image 24

කෙසේ නමුත් හැමදාමත් නර්මදා බලාපොරොත්තු වුණේ ඇයගේ ජීවිතය තේරුම් ගත්තු සහ දරුවන් දෙන්නම හොඳින් තේරුම් ගත්තු ආදරණීය චරිතයක් අනාගතයේ මුණගැසේ කියන දේ. ඉතින් අද වෙද්දී ඇයට ඒ වගේ ආදරණිය හදවතක් හම්බ වෙලා…..

image 23