උණුසුම් පුවත්
Search
narmada

විවාහ දෙකකටම සමුදුන් නර්මදා අලුත් පෙම්වතා සමඟ උපන්දින සාදයකට ගිය හැටි (ඡායාරූප සහිතයි)

1025

නිරූපන ක්ෂේත්‍රයේ රටේම අවදානය දිනාගත් ශිල්පිණියක් විදියට නර්මදා යාපා අබේවර්ධන නොදන්නා කෙනෙක් නැති තරම්. ”ඔබ හින්දා බෑ මට මේ තරම් ඉවසන්න කල්පනා….” ගීතයේ රූප රචනයට දායක වෙමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය මේ වන විට රටම දන්න තරුවක් කිව්වොත් වරදක් නෑ. ඒ වගේම නිවේදන ශිල්පිනියක් විදිහටත් ඇය අතිශය ජනප්‍රිය, නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයක්.

image 494

වෘත්තීය ජීවිතය එහෙම වුණත් පෞද්ගලික ජීවිතය තුළ දෙදරු මවක් වන නර්මදා, විවාහ දෙකකට සමුදුන් කාන්තාවක්. මුල් වරට මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වන ඇය පසු කාලීනව එම විවාහය සමුදෙන අතර නැවතත් වෘත්තියෙන් නිරූපන ක්ෂේත්‍රයට සම්බන්ධ කාය වර්ධන ශිල්පියෙකු සමඟ විවාහ වනවා. එම විවාහයෙන් ද ඇයට කුඩා දරුවකු සිටිනවා. මෙම දරුවන් දෙදෙනාම පිරිමි දරුවන්.

image 499

ඇයගේ වැඩිමහල් දරුවා මේ වන විට ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය හදාරන අතර අනෙක් දරුවා තවමත් කුඩා වියේ පසුවනවා.

image 495

කෙසේ නමුත් එම විවාහයන් නිසා තමන් මහත් පීඩාවට පත්ව සිටි බවත් විශාදය තත්ත්වයට පවා පත්ව වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් බවත් ඇය මීට පෙර පුවත්පත් සාකච්ඡාවකට එක්ව සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව ටික කාලයක් නිහඬව සිටි නර්මදා නැවතත් කරළියට පැමිණ හිබෙනවා. ඒ ඇයගේ අලුත්ම පෙම්වතා නිසයි.

image 498

ඇය සතිඅත පුවත්පතකට මේ සම්බන්ධව අදහස් හෙළි කර තිබු නමුත් මේ ආදරවන්තයින්ගේ ඡායාරූප කිසිවක් සමාජ මාධ්‍ය තුළ පළ වූයේ නෑ.

image 496

නමුත් පසුගිය දිනෙක ඇයගේ සහෝදරියගේ සැමියාගේ උපන්දින සාදයක ඡායාරූප නිසා හැමෝම නොඉසිලෙන් බලන් සිටි ඇගේ ආදරවන්තයාගේ පින්තූර ගැන බොහෝ දෙනාගේ අවදානය යොමුව තිබෙනවා.

image 497



Leave a Reply

Your email address will not be published.