ඊයේ (05) දිනට යෙදුණ වෙසක් පොහොය නිමිත්තෙන් හිටපු ඇමති නාමල් සිය බිරිඳ ලිමිණි, පුතු කේසර සමඟ එක්ව වෙසක් සැමරූ හැටි සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණා.
ඒ මෙවැනි සටහනක් ද සමඟිනි,
ලෝකයම නිවී පහන් වු සුබ වෙසක් පොහෝ දිනයක් වේවා..
අද දිනය බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වය, පිරිනිවන් පෑම යන උතුම් තෙමඟුල ස්මරණය කරයි. සාරා සංඛ කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරා නොපසුබට උත්සාහයෙන් වීර්ය වඩා උතුම් බුද්ධත්වය පත්වන තෙක් කළ උතුම් කැපකිරිම් බොහෝ ඇත.
සෑම විටම ආමිස පුජාව මෙන්ම ප්‍රතිපත්ති පුජාවලට වැඩි ලෙස යොමු විය යුතුයැයි මම විශ්වාස කරමි. ලෝකයේ නම් දරාගත් පුද්ගලයන් ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පුජාවට මුල් තැන දෙමින් බුද්ධ දර්ශණය ප්‍රගුණ කරමින් ජීවිතයට නව අරුතක් එක් කරගත් පිරිසකි.
බෞද්ධයින් ලෙසින් අපට ලැබි ඇත්තේ ආකල්ප පෝෂණය කලහැකි උතුම් නිර්මල දර්ශණයකි. අපට නූතන තරුණ පරම්පරාව ලෙසින් බොහෝ වගකීම් හා යුතුකම් ඇත. ඒ සඳහා ධනාත්මක ආකල්ප අවශ්‍යතාවයට බෞද්ධ දර්ශණය තුළින් ද ලැබෙන්නේ මහඟු පිටිවහලකි.
දිනන මිනිසුන් නිතරම තම හැකියාව විශ්වාස කරන අතර නිරන්තරයෙන් තම ජයග්‍රහණය හා ඉලක්කය පිළිබඳ විශ්වාස කරයි. නමුත් පරාජිතයෝ නිතරම අනේකාගේ ගමන සිතමින් නිකරුණේ වෙහෙසෙයි. අනෙකාගේ පරාජය ගැන නොව තම ජගයග්රහණයේ මාවත සකසා ගතයුතුයි.
ලෝක වාසී සියළු දෙනාටම උතුම් වෙසක් මංගල්‍යක් වේවා..!!!