බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුසංඛා කියන්නේ.
කාලයක් අපේ රටේ පුංචි තිරයේ ඇය නොදකින්නට නැති තරම්.
නමුත් කාලෙත් එක්ක විවාහ දිවියට ඇතුළු වුණු මහේෂි මේ වන විට දරු දෙදෙනෙකුගේ ආදරණීය මවක් විදියට ජීවිතයේ වැඩි කාලයක් පවුල වෙනුවෙන් කැප වී කටයුතු කරනවා කිව්වොත් වරදක් නෑ.
ඒ නිසාම ඇය කලා කටයුතු වලින් නම් තරමක් ඈත්ව තමයි ගත කරන්නේ.
ඇයගේ ස්වාමියා ගුවන් නියමුවරයෙක් ලෙස කටයුතු කරන සම්පත්.
විවාහ වී ලොකු මංගල උත්සවයක් ගන්න ඇයට නොහැකි වුණත් ඉතින් මේ වසර වන විට ඇය සිය 10 වන විවාහ සංවත්සරය සමරනවා.
ඒ වෙනුවෙන් විවාහ මංගල උත්සවය තරමට විශාල උත්සවයක් සැලසුම් කරලා තිබුණේ මෙලෙසින්.