සමිතා මුදුන්කොටුව – අතුල අධිකාරි යුවළගේ ආදරණීය දියණිය වුණත්, ඇය ඇයටම අනන්‍ය හඬකින් ප්‍රේක්ෂකයින් වසඟයට ගන්න සමත් වුණා.
ඒ වගේම කාලයක් යද්දී රංගන ශිල්පිනියක් සහ නිවේදන ශිල්පිනියක් විදිහටත් ඇය බොහෝම කතාබහට ලක්වන කෙනෙක්. නමින් ඇය කවින්ද්‍යා අධිකාරි.
ඉතින් පසුගියදා කවින්ද්‍යාගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් උපන්දින සාදයක් සංවිධානය කරන්න කවින්ද්‍යාගේ පවුලේ අය අමතක කළේ නැහැ. ඒ වෙනුවෙන් ඇයට අලංකාර උපන්දින කේක් එකකුත් නිර්මාණය කරලා තිබුනා…
මෙම අවස්ථාවට සමිතාගේ අලුත් පෙම්වතා චිරන්තත් ඇතුළුව තවත් ගායන ශිල්පීන් මෙන්ව හිතවතුන් පිරිසක් ද එක්ව සිටියා. මේ තියෙන්නේ කවිනද්යා ඇගේ සුවිසල් උපන්දින කේක් එකත් එක්ක ගත්ත ඡායාරූප පෙළක්.