උණුසුම් පුවත්
Search
petrol and gas

ඉන්ධන සහ ගෑස් මිල අඩු වෙන හැටි

121

ඉන්ධන සහ ගෑස් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මාසික ඉන්ධන සංශෝධන අද (01) රාත්‍රියේ සිදු කිරීමට නියමිත අතර ගෝලීය වෙළෙඳපොළ මිල ගණන් අනුව දැනට පවතින ප්‍රවණතාවය අනුව ඉදිරියේදී ඉන්ධන මිල තවදුරටත් පහළ යනු ඇතැයි පෙන්නුම් කරයි.

පසුගිය සතියේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ මීළඟ ඉන්ධන මිල සංශෝධනයෙන් ද ඉන්ධන මිල පහත වැටීමට ඉඩ ඇතැයි අපේක්ෂා කරන බවයි.

සෑම මසකම දෙවතාවක් ඉන්ධන මිලෙහි වෙනස්කම් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

සෑම මසකම 01 සහ 15 යන දෙදින රාත්‍රියේ ඉන්ධන මිල වෙනස් කිරීම ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බව ද ඔහු පැවසීය.

මේ අතර ලිට්‍රෝ ගෑස් ගෘහස්ථ සිලින්ඩර් මිල ද 2022 අගෝස්තු 05 වැනිදා සිට අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සභාපති මුදිත පීරිස් කියා සිටියි.




Leave a Reply

Your email address will not be published.