පසුගිය කාලේ සමාජ ජාල තුල බොහෝ දෙනෙක් කතා කරපු බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගත් යොවුන් සංගීත කණ්ඩායමක් තමයි මැදිරිගිරිය ආෂාවරි සංගීත කණ්ඩායම. පාසල් යන වයසේ පසුවන අපි දක්ෂ දැරියන් ගෙන් සමන්විත මෙම සංගීත කණ්ඩායම ගැන කතා කරන්න ගත්තේ එය නවතා දමන ලෙස ඉහළින් ආ නියෝගයක් නිසා ය. වයස අවුරුදු 16ට අඩු දැරියන් යොදාගෙන මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් සංගීත කණ්ඩායමක් කරගෙන යනවා කියලා ලැබුණු පැමිණිල්ලකට අනුව තමයි. ළමාරක්ෂක දෙපාර්තමේන්තුව කම්කරු දෙපාර්තමේන්තුව නිධාරීන් හා පොලිස් නිලධාරීන් මැදිරිගිරියට ගොස් එහි හිමිකරු වන nalaka jayalath මහත්මයා හමුවෙලා නවතාදමන ලෙස ඉල්ලීමක් කරලා තියෙන්නේ.

කොහොමහරි සති අන්ත පුවත් පතකට එහි හිමිකරු සංගීත කණ්ඩායමේ ආරම්භය ගැන ප්‍රකාශ කළ තිබුනෙ මේ වගේ අදහසක්. 2020 වර්ෂයෙ මාර්තු මමත් අලුත් වැඩක් කරන්න හිතේ තියාගෙන හිටියේ. මම රජයේ පාසලක සිංහල ගුරුවරයෙක්. ගායන වාදන දෙකම මට හොඳට පුළුවන් මම හිතුවා සංගීත කණ්ඩායමක් පටන් ගන්න.
හැබැයි සංගීත කණ්ඩායම් කියන්නේ පඳුරකට පයින් ගැහුවත් දෙක තුනක් විසිවන කාලෙක නිසා. මම හිතුව ටිකක් වෙනස් විදිහෙ වැඩක් කරන්න. පොඩි දරුවෝ එකතු කරගෙන ලංකාවේ ළාබාලම සංගීත කණ්ඩායම හදන්න තීරණය කරා. ඒ වැඩේ තවත් ලස්සන වෙන්න ගෑනු ළමයිම විතරක් ගන්ඩ ඕන කියලා හිතුවා.

සංගීතය ගැන ලොකු දැනුමක් නැති පොඩි ළමයි ටිකක් එකතු කරගෙන ගීත කණ්ඩායමක් පටන් ගන්න එක අභියෝගයක් නෙවෙයිද කියලා අහපු ප්‍රශ්නෙට එයා දීලා තිබුනේ මෙහෙම උත්තරයක්. මුලින්ම මං ගමේ පොඩි දරුවෝ ඉන්න මගේ යාලුවෝ එක්ක කතා කරා. ඔයාලා කැමති උනා එයාලගේ දරුවෝ සංගීත කණ්ඩායමක් හදන්න දෙන්න. ඒ දවස්වල පාසල් නිවාඩුව හින්දා මේ වැඩේ මට තවත් පහසු වුණා. අපිට පටන් ගන්න කොට කිසිම සංගීත උපකරණයක් තිබුණේ නැහැ. මම හදාගත්තු මගේ උපකරණ කිහිපයක් තිබුණා. තවත් අභියෝගයක් තමයි සංගීත ගැන කිසිම දැනුමක් නැති මේ ළමයි මේකට හුරුකරන එක. මම ඒ ඒ ලමයින්ගේ ක්‍රියාකාරකම් බලාලා එයාලට ගැලපෙන උපකරණ දුන්නා ඒවට මම හුරු කරා.

ගෑනු ළමයි ටික හිතුවටත් වැඩිය ඉක්මනින් වැඩේ අල්ල ගත්තා කියල තමයි ඔහු කිව්වේ. මාස දෙකකට පස්සේ එයාලට සින්දු කියන්න අවස්ථාව දීලා තියෙනවා. එයාලට ඒ ගීත පුහුණු කරල තියෙන්නෙ සෞන්දර්ය විශ්වවිද්‍යාලය nimesha madushani මාස හතක් වගේ කෙටි කාලයකින් සංගීත කණ්ඩායමක් විදියට ගොඩනැගුණා. ඊට පස්සේ ඔක්කොම කතා කරලා තමයි ඒකට මැදිරිගිරිය ආෂාවරි කියලා කියල නම දාල තියෙන්නෙ. පළවෙනි ප්‍රසංගයත් මැදිරිගිරිය ම තමයි තියලා තියෙන්නෙ.
සංගීත කණ්ඩායම සමාජ ජාල වලට දාපු නිර්මාණවලට ඉහළ පිළිගැනීමක් ලැබුණා කියලා තමයි අපිටත් දැනගන්න ලැබුණේ.අභියෝග බාධක හමුවේ නොසැලී ඉදිරියටත් වැඩ කටයුතු කරගෙන යන්න මේ පොඩ්ඩො ටික ට හැකි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
