හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2% කින් විදුලි ගාස්තු අඩුකිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව ගෘහස්ත අංශයේ ඒකක 0ත් 30ත් අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට සියයට 65ක් ගාස්තු අඩු වීමක් සිදුවෙන බව පවසයි.
ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩු කෙරේ. මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වා අඩු කර තිබේ.
ඒකක 60ට අඩු කාණ්ඩයේ ඒකක ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වා අඩුකෙරෙන අතර මාසික ගාස්තු රුපියල් 650 සිට 300 දක්වා අඩු කෙරේ.
ඒකක 91ත් 120ත් කාණ්ඩය සඳහා ඒකකය රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙන අතර මාසික ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා අඩු කෙරෙනු ඇත.
ආගමික ස්ථාන සඳහා 16%ක ගාස්තු අඩුවීමක් ලබාදී තිබේ.
අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථාන වලට ඒකකය රුපියල් 10 බැගින්. (රුපියල් 30 සිට 10 දක්වා අඩු කෙරේ)