උණුසුම් පුවත්
Search
aradhana

කලා තරු පිරිවරාගෙන චතුරිකා සහ ගයාන් ආරාධනා දියණියගේ උපන්දිනය ජයටම සමරපු හැටි (ඡායාරූප සහිතයි)

924

මේ වන විට ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ආදරණීය යුවලක් තමයි ගයාන් සහ චතුරිකා කියන්නේ. මේ දෙන්නා ගැන හමෝම කතාවෙන්න පටන් ගත්තේ ගයාන් සහ චතුරිකා විවාහ වෙනවා කියලා ආරංචි වුන ගමන්මයි. ඒකට ප්‍රධානම හේතුව තමයි ගයාන් – චතුරිකා යුවලම ඔවුන්ගේ පළමු විවාහයන් වලට සමුදීලා තමයි එකතු වෙන්නේ.

කොහොම වුනත් මේ වනවිට මේ යුවල ගොඩක් ආදරණීය යුග දිවියක් ගත කරනවා. ඉතින් අද අපේ මේ ආදරණීය කතාබහ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන ගයාන් චතුරිකා සුන්දර කැදැල්ල පිලිබඳවයි.

image 184

ආදරණීය දෙමාපියන් යුවලක් වෙලා ඉන්න ගයාන් – චතුරිකා කියන්නකෝ ඔයාගේ ආදරණීය දියණිය ගැන විස්තර ටිකක්?

”අපේ දෝනිගේ නම ආරාධනා හංසද්ධවනී වික්‍රමතිලක. දුවට ආරාධනා කියන නම තිබ්බේ ගයාන්, හංසද්ධවනී කියන නම තිබ්බේ පේෂල, සංගීතයේ රාගයක් තියෙනවා ”හංස රාගය” කියලා…. ඒකට කියන නමක් තමයි හංසද්ධවනී කියන්නේ, දුවටත් ඒ නම හොඳට ගැලපෙනවා… මොකද එයා නිතරම යටිගිරියෙන් කෑ ගහනවා, සමහර වෙලාවට මම බනිනවත් එක්ක…. ඒ වගේම අද තමයි අපේ පුංචි දුවගේ උපන්දිනය…”

image 182

ආසාවෙන් හිටියේ දුවෙක්ටද එහෙමත් නැත්නම් පුතෙක්ටද..?

”මම නම් ඉස්සර ඉඳලම ආසාවෙන් හිටියේ දුවෙක්ට, ගයානුත් එහෙමයි. මොකද එයාට පුතාලා දෙන්නෙක් ඉන්නවා නේ…. ඉතින් එයත් ආසාවෙන් හිටියේ දුවෙක්ට, මම ප්‍රෙග්නට් වෙලා මාස පහකින් විතර පස්සේ අපි ස්කෑන් එකක් කරලා බැලුවා. එතනදී ඩොක්ටර් කිවුවා අපිට ලැබෙන්න ඉන්නේ දුවෙක් කියලා. ඉතින් අපි දෙන්නටම ගොඩක් සතුටුයි, ඇත්තටම ගයාන්ටත් මටත් ඉහේ මලක් පිපුනා වගේ”

image 183

image 185