පසුගිය දින කිහිපයේ අපේ රටේ ප්‍රධාන පුවතක් බවට පත් වුණ සිද්ධියක් තමයි අසේකා විජේවර්ධනගේ විවාහ උත්සව මංගල්‍යයන්.
අසේකා කියන්නේ, අපේ රටේ නර්තන ශිල්පී යුවළක් වන චන්න – උපුලි යුවලගේ එකම දියණියයි.

ඇයත් නර්තන ශිල්පිණියක් වන අතර විවාහ වන්නේ මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම මෙරට ප්‍රකට රංගන ශිල්පී ගාමිණි ෆොන්සේකාගේ මුණුබුරා ද වන ජනික් ජයසූරිය නම් තරුණයා සමඟයි.

කෙසේ නමුත් ඉන්දියානු සම්ප්‍රදාය, ශ්‍රී ලංකේය හෙළ සිරිත, පල්ලියේ චාරිත්‍ර ඇතුළු උත්සව ගණනාවකින් මෙම විවාහ මංගල්‍ය උත්සව සමන්විත වී තිබීම බොහෝ දෙනා අතර කතාබහට ලක් කෙරුණා.

ඉතින් ඔවුන්ගේ විවාහයෙන් අනතුරුව පළමු වරට අසේකා, රූපවාහිනී වැඩසටහනකට එකතු වී තිබූ අපූරු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ නැවත කතාබහට ලක්වෙලා.
මේ ඡායාරූප ලහිරු තීක්ෂණ ශිල්පියාගේ කැමරා කාචයට හසුව තිබූ ඒවායි.

ඉතින් චන්න – උපුලි යුවලගේ එකම දියණිය විදියට ඔවුන් මෙම විවාහ උත්සවය රටේ ක්ෂේත්‍ර රැසක ප්‍රකට පුද්ගලයින් මෙන්ම කලා ක්ෂේත්‍රයේ ද තරු රැසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුනේ හරි අපූරුවටයි.

ඒ නිසාම මේ ගැන බොහෝ දෙනා බොහෝ අදහස් පළ කර තිබෙනු දැකගත හැකි වුණා.
