උණුසුම් පුවත්
Search
amaya

අමායා අධිකාරි දරු පැටව් දෙන්නගේ උපන්දිනය සමරපු හැටි (ඡායාරූප සහිතයි)

2572

මේ වෙනකොට අපට වැඩිය රූපවාහිනිය ඔස්සේ දකින්න නොලැබුනත් අපේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න රටේ කවුරුත් නම ඇසු සැනින් දන්න ජනප්‍රිය චරිතයක් තමයි අමායා අධිකාරි කියලා කියන්නේ. ඉතින් ඇය නිරූපණ ශිල්පිනියක් වගේම කලා ක්ෂේත්‍රයට පිවිසුනාට පස්සේ ඇය රංගන ශිල්පිනියක් ලෙස ද බොහෝ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දිනා ගැනීමට සමත් වුණා.

image 45

ඉතින් ඒ වගේම සල් සපුනා ටෙලි නාට්‍ය හරහා රංගනයට පිවිසි ඇය එම ටෙලිනාට්‍යයේ රංගනයත් සමඟ අතිශය ජනප්‍රිය වුණා. ඒ වගේම රූපයෙන්ද සුන්දර තරුණියක් වන අමායා වෙනස් ආකාරයේ විලාසිතාවන්ට දැඩි කැමැත්තක් දක්වන තරුණියක් විදිහටත් ජනප්‍රියයි.

image 46

කොහොම නමුත් අමායා ජනප්‍රිය වෙන්නේ අතුල අධිකාරී සමඟ විවාහ වීමත් සමඟ කිව්වොත් හරි.

image 49

ඉතින් ඇය පළමු වරට විවාහ වුනේ අතුල සමඟ නිසා මේ විවාහය පිළිබඳවත් අපේ රටේ බොහෝ දෙනෙක් අතර මෙන්ම සමාජ මාධ්‍ය තුලත් අතිශයින් කතා බහට ලක්වුණා. ඉතින් මේ අතුල – අමායා දෙදෙනාට ආදරණීය දියණියක්ද ඉන්නවා. කොහොම නමුත් ඉන් පසුව අමායා, අතුලගෙන් වෙන්ව රටම දන්නා රියලිටි තරුවක් වන හර්ෂ දනොෂ් කියන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියාත් සමඟ මේ වනවිට ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරනවා. ඉතින් මේ යුවළටත් මේ වෙද්දී පුංචි දරු පැටව් දෙන්නෙකුත් ඉන්නවා.

image 47

ඉතින් මේ පුංචි පැටව් දෙන්නගේ 03 වන උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ලස්සන කේක් එකක් කපලා බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

image 48

ඉතින් මේ ආදරණීය අවස්ථාවේදී ලබාගත්ත ඡායාරූපයක් අමායා ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරමින් පවසලා තිබුනේ මගේ ලොකුම ආශීර්වාදය මට අම්මා කියලා කතා කිරීමයි කියලයි.

image 44