උණුසුම් පුවත්
Search
sasanthi

එංගලන්තයේ සැප ජීවිතයක් ගත කරන නිළි සසන්ති සිය සැමියා සමඟ 10 වැනි විවාහ සංවත්සරය සමරපු හැටි (ඡායාරූප සහිතයි)

84

කලක් අපේ රටේ ප්‍රකට රංගන ශිල්පිනියකව සිටි සසන්ති ජයසේකර මෙරට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සහ සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයේ ඉහලටම ගිය රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. නමුත් මේ වන විට නම් ඇය අපේ රට තුළ දකින්න ලැබෙන්නේ නෑ… සසන්ති පළමු විවාහයෙන් වෙන් වී විදේශිකයෙකු සමග විවාහ වී දැන් ජීවත් වෙන්නේ එංගලන්තයේ.

පසුගිය දා ඔවුන් ඔවුන්ගේ 10 වැනි විවාහ සංවත්සරය සැමරුවා. සසන්තිගේ සැමියා ස්ටීව් ඇයව පුදුමටය පත් කරන්න ඇයව විනෝද චාරිකාවක් රැගෙන ගිහින්. මේ ගැන සටහනක් සහ ඡායාරූප කීපයක් සසන්ති සිය ඉස්ටර්ගම් ගිණුමේ පළ කරලා තිබුණා.

image 264

“මොනතරම් පුදුමයක්ද! ස්ටීව් මං අනුමාන කළා, ඔබ මෙහෙම දෙයක් කරයි කියලා. මම දැනගෙන හිටියා ඒක නියමයි කියලා. අපගේ 10 වැනි සංවත්සරයට අපේ ගමනාන්තය වන්නේ ඇම්ස්ටර්ඩෑම්…. මගේ සහකරු එහි තියෙන ලස්සනම තැනකට මාව එක්කගෙන ගියේ. නමුත් අපි මුලින්ම කළේ ජිම් එකට ගිය එක. ඔයාට අනිවාර්යයෙන් තව මාස කීපයකට මගේ මුරකරුවා වෙන්න වෙනවා බබා…. ඔයාට ගොඩක ආදරෙයි!”

image 265

මේ විදියේ අපූරු සටහනක් එක්ක තමයි ඇය මේ ආදරණීය පළ කිරීම සිදුකර තිබුණේ.

image 266

කොහොම නමුත් සසන්ති සිය පුතු, ස්ටීව් සහ ඔහුගේ පුතු යන සිව් දෙනා ඉතාමත් ආදරයෙන් කාලය ගත කරනවා.

image 267

පවුලක් ලෙස ඔවුන් ඉතාමත් ආදරණීය ලෙස ජීවත්වන බව ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ දැකගන්නට ලැබෙනවා.

image 268
image 269