ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය හා ගුවන් සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර ඉතිරි රාජ්‍ය ආයතන ඉදිරි මාස 03ක කාලය තුළ සිකුරාදා දින වල වසා තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
දැනට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මගී ප්‍රවාහනයට බාධා පැමිණ ඇති හෙයින් එම තත්ත්වය යටතේ රාජ්‍ය අංශයේ සේවකයන්ට සිය ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේ ගැටලුවක්ව තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
මෙම ගැටලුව හේතුවෙන් සතියේ රාජකාරී කරනු ලබන එක් දිනක් සඳහා රජයේ නිලධාරීන් නිවාඩු ලබා දී ඉදිරියේදී ඇතිවිය හැකි යැයි අපේක්ෂිත ආහාර හිඟියට පිළියමක් වශයෙන් සිය ගෙවතු ආශ්‍රිතව හෝ වෙනත් ස්ථානයක කෘෂිකාර්මික කටයුත්තක නිරතවිමට අවශ්‍ය පහසුකම් ලබාදීම යෝග්‍ය බව රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙයි.