උණුසුම් පුවත්
Search
galle hiv

ගාල්ල දිස්ත්‍රික්කයේ HIV ආසාදිතයින් ඉහළ ගිහින්

249

ගාල්ල දිස්ත්‍රික්කයේ එච්.අයි.වී ආසාදිතයින්ගේ ප්‍රතිශතය ඉහළ යමින් පවතින බව දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීහු කලබලයට පත්ව සිටිති.

ගාල්ල මහමෝදර රෝහලේ ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය නිලධාරිනී දර්ශනී විජේවික්‍රම මහත්මිය පැවසුවේ 2021 වසරේ මහමෝදර රෝහලේ HIV ආසාදිතයින් 25 දෙනෙකු සහ 2022 වසර තුළ HIV ආසාදිතයින් 36 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

රෝගය වැළඳුණු තවත් රෝගීන් සිටින බවත් තවමත් හඳුනාගෙන නොමැති බවත් ඇය පෙන්වා දුන්නාය. ඔවුන්ගෙන් බහුතරය වයස අවුරුදු 20ට වැඩි පිරිමින් බව ඇය පැවසුවාය.

ශ්‍රී ලංකාවම සැලකීමේ දී පසුගිය වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මෙරටින් රෝගීන් 427ක් වාර්තා වී ඇති බවත්, 1986 සැප්තැම්බර් මාසයේ සිට මෙරටින් පළමු එච්අයිවී ආසාදිතයා වාර්තා වූ දා සිට හඳුනාගත් මුළු රෝගීන් සංඛ්‍යාව 4831 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

ඒඩ්ස් රෝගය භයානක මට්ටමින් පැතිර යමින් පවතින බව වෛද්‍ය විජේවික්‍රම මහත්මිය කනස්සල්ල පළ කළාය.

Source – Gossip Lanka News