මේ දක්වා කිසිදු විරෝධතාකරුවෙකුට ළඟා වීමට අපහසු ස්ථානයක් බවට පත්ව තිබූ ජනපතිවරයා වාසය කරන හා මේ දිනවල කාර්යාලය ලෙස පවත්වා යන කොටුව ජනපති මන්දිරයේ පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු පිරිසක් ටික වේලාවක් විරෝධය දැක්වීමෙන් පසුව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කර සිටියා.
වරාය පොලීසිය වෙත රැගෙන ගොස් සිටි ඇයව මේ වන විට ඇය පොලිස් ග්‍රහණයෙන් මුදවා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සජබ වනිතා කන්ඩායම වෙනුවෙන් කාන්තාවන් කිහිපදෙනෙකු සමග පිරිසක් අද පෙරවරුවේ සිට මෙම විරෝධතාව ආරම්භ කර තිබෙනවා.
ඇය ‘ගෝඨා වරෙන් එලියට… මං මෙතන්ට ආපු විදිහ අහන්න එපා.. උඹලා හිතුවෙ නැහැ නේද මට මෙතන්ට එන්න පුළුවන් වේවි කියලා.. ” ආදී ලෙස මෙහිදී කෑ ගසමින් සිටි අතර ආරක්ෂක නිලධාරිනියන් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ඇය ආසන්නයේ ගේට්ටුව ඇතුළත සිට ඇය ඇතුළට ඒම වළක්වා තිබුණා.
“පුළුවන්නම් මට වෙඩි තියපං, මං බය නැහැ‘’ ලෙසද ඇය කියා සිටියා.
කොළඹ ජනාධිපති මන්දිරය ඉදිරියේ විරෝධතාවයක නිරත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු පිරිස අත්අඩංගුවට ගත් බව අනතුරුව වාර්තා විය.