ශ්‍රී ලංකා පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඟියක් ලෙස දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වන වාට්ටුව සම්බන්ධයෙන් ද එහි වැඩිදුරටත් සඳහන්.

බොහෝ දෙනා සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින අතර දුමින්ද සිල්වා එම වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.
ජනාධිපති සමාව ලබා සිටින ඔහුට ඊයේ දිනයේ එය අවලංගු කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරුණා.