උණුසුම් පුවත්
Search

හංගන් හිටපු ඉන්ධන බවුසරයක් අත්අඩංගුවට

101

රුපියල් ලක්ෂ 14ක අධික වටිනාකමින් යුත් ඉන්ධන සහිත බවුසර් රථයක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (07) පස්වරුවේ සපුගස්කන්ද පොලිස් වසමේ පුද්ගලික ආයතනයක් තුළ රඳවා තිබිය දී මෙම ඉන්ධන සහිත බවුසරය විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වී ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් බවුසරයේ රුපියල් ලක්‍ෂ 14කට අධික වටිනාකමින් යුත් ඩීසල් ලීටර් 3500කට ආසන්න ප්‍රමාණයක් තිබූ බවත් ඒවා රාත්‍රි කාලයේ සුඛෝපභෝගි රථ මගින් විවිධ ස්ථාන වලට රැගෙන ගොස් අධික මිලකට අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බවත් විශේෂ කාර්ය බළකාය සඳහන් කර සිටිනවා.

අත්අඩංගුවට ගත් ඉන්ධන බවුසරය සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත බාරදී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published.