ලංකාවේ තරුණ තරුණියන් ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් තමයි යුරේනි නොෂිකා කියන්නේ. නිතර නිතර ඇය ගැන පුවත් මැවෙනවා. මේ වනවිට ලංකාවේ ඇය හඳුනන්නේ නැති කෙනෙක් නොමැති තරම්. ඉතින් මේ කතාබහත් යුරේනි සමඟ කළ සාකච්චාවකින් උපුටා ගත්තක්.
ඉතින් යුරේනි අපි නිතරම දකිනවා ඔබ රංගනයෙන් දායක වෙන්නේ නවකයින් අධ්‍යක්ෂණය කරන නිර්මාණ වලට ඇයි ඒ?
”ඔව්… නීනෝ ලයිවු, නයිට් රයිඩර් වගේම ඉදිරියේදී විකාශනය වෙන්න තියෙන සිනමාපට ඔක්කොම සිනමාපට අලුත් අධ්යක්ෂකවුරුන්ගේ නිර්මාණ. මම ඒවා හිතලා බාරගන්නවා නෙවෙයි… පිටපත කියෙව්වට පස්සේ ඒකට ආස හිතෙනවා, ඉතින් ඒවා බාරගන්නවා. කොහොම වුනත් මගේ ඒ තේරීම් වැරදිලා නෑ”

ඇයි වැඩිය ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වෙන්නේ නැත්තේ?
”මේකනේ….. ටෙලිනාට්‍ය වලට අඩුම දවසට පැය 10-12ක් වත් කැප කරන්න ඕන, හැබයි එහෙම කරනවා නම් මගේ ගාන මට ගෙවන්න ඕන, එහෙම නැතිව මම වැඩ බාරගන්නේ නෑ. එහෙමයි කියලා මම මහා ලොකු මුදලක් අය කරන්නේ නෑ….. බොහොම සාධාරණ මුදලක් තමයි මම අයකරන්නේ….

හැබැයි ඒ ගාන මට ලැබෙන්න ඕන…. අනිත් කාරණය තමයි නිර්මාණ වල ගුණාත්මකභාවය. හොඳ පිටපතක් ලැබුනොත් මම ගාන ගැන හිතන්නේ නෑ, හැබැයි ගැටලුව තියෙන්නේ එහෙම පිටපත් අඩුයි….”

යුරේනි කියන්නේ තනිකඩ තරුණියක්… ඉතින් අපිට කියන්නකෝ යුරේනි වැඩියෙන්ම ආදරේ කලේ කාටද කියලා?
”එයා ලංකාවේ කෙනෙක් නෙවෙයි. මම නාට්‍යක් කරපු මුල් කාලයේ තමයි මට එයාව මීට් වුනේ. දවසක් මම රමණි සිරිවර්ධනගේ සැලෝන් එකට ගියා කොන්ඩේ හදාගන්න, ඒ යද්දී මගේ යාලුවෙක් එතන හිටියා… එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ඉතින් මම එයාට අත වනාගෙන ගියා…. එතන තමයි එයත් හිටියේ….

එදා රෑ ඒ යාලුවා කතා කරලා ඇහුවා අපේ කෝච් ඔයාගේ නම්බර් එක ඉල්ලනවා, දෙන්නද කියලා… මමත් ඉතින් හා කිව්වා. ඊට පස්සේ අපි ගොඩක් හිතවත් වුනා…. ඊට පස්සේ ඒක ආදරයක් බවට පත්වුනා. අපි විවාහ වෙන්න හිටියේ, කොහොම හරි අවසානයේ ඒ ප්‍රේමයට සමුදුන්නා, බොක්කටම වැදුන ආදරයක් ඒක, දවසක් එයා පාන්දර 2ට විතර කෝල් එකක් අරන් යාලුවෙක් ඉන්නවා කියලා කෙනෙක්ට ෆෝන් එක දුන්නා… ඒ කතා කලේ ශාරුඛාන්… ඒ වගේ සුන්දර මතක ගොඩක් තියෙනවා ඒ ආදරේට….”
