අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තවත් අති දක්ෂ රංගන ශිල්පියෙක් විදියට හඳුන්වන්න පුලුවන් කලාකරුවෙක් තමයි සජිත අනුත්තර ඇන්තනී කියන්නේ. සජිත ඇන්තනී කිව්ව සැනින් එසැනින් මතක් වෙන්නේ අපිට ඉන්න ආදරණිය කලාකරුවෙක් වන ජැක්සන් ඇන්තනි මහත්මයාව. මොකද මේ ආදරණීය කලාකරුවාගේ බාලම පුතා තමයි සජිත කියන්නේ.

තාත්තාගේ අඩි පාරේ යමින් සජිත පුංචි තිරයත් රිදී තිරයත් බොහොම අපූරුවට ජයගන්න හැකියාව ලබපු දක්ෂ කලා තරුවක්. ඒ වගේම තමයි ජනප්‍රිය නළුවා, විශිෂ්ටතම නළුවා ආදී සම්මාන වලට නිර්දේශ වීම සහ ඒ සම්මානය දිනා ගැනීමට පවා ඔහුට හැකියාව ලැබුණා.

පසුගිය කාලසීමාවේදී සජිත කියන චරිතය බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය නිසයි. මේ ටෙලි නිර්මාණය තුළ ඔහු නිරූපණය කළේ ”සරා” කියන ගැමි චරිතයක්. එදා වගේම අදටත් ගොඩක් දෙනෙක් සජිතට ආදරය කරන්නේ තාත්තා වගේම හරි අපුරුවට ඔහුට ලැබෙන ඕනෑම චරිතයක් ඉදිරිපත් කරන නිසයි.

ඔහු ගැන ඔහුගේ කලා ලෝකය ගැන මේ විදිහට කතා කරද්දි ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරනකොට අමතක කරන්න බැරි දෙයක් තමයි සජිත මේ වෙද්දි ආදරණීය පියෙක් කියන දේ. ඔහු විවාහ වෙන්නේ බුවිනිකා හල්විටිගේ නැමති තරුණියක් සමඟයි. ප්‍රේම සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ දෙන්නා විවාහ ජීවිතයට ඇතුළු වෙන්නේ. කොහොම නමුත් බුවී නම් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නෑ. ඇය තමන්ගේම රෙදිපිළි ව්‍යාපාරයක් සිදුකරගෙන යනවා.

ඉතාමත් හොඳින් දෙන්නට දෙන්නා සුහදව තේරුම් අරගෙන විවාහ ජීවිතය ගත කරන අතරතුර විවාහ වුණාට පස්සේ ඔවුන් දෙදෙනා බලාපොරොත්තු වෙච්ච ඊළඟ හීනය එහෙමත් නැත්නම් දරු සිහිනය සැබෑ කරගන්න හැකියාව ලැබුණා. මේ විදිහට බුවී සහ සජිත වාසනාවන්ත වුණා පුංචි පුතෙකුට මවක් සහ පියෙක් වෙන්න.

සජිත තමන්ගේ ආදරණීය පුංචි පුතා ජාඩෙන් සමග නිතර කාලය ගත කරන්නත් අමතක කරන්නේ නැහැ.

ඉතින් පසුගිය දවසක මේ සුන්දර ආදරණීය පැටියත් එක්ක මේ පුංචි පවුල මුහුදු වෙරළට යනවා ටිකක් කාලය ගත කරන්න. ඉතින් පලවෙනි වතාවටයි මේ පුංචි පුතා මුහුදු වෙරළට එන්නේ. එහෙම සඳහන් කරමින් සජිත තමන්ගේ මුහුණු පොතේ ආදරණිය සටහනක් එකතු කරලා තිබුණා.

ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් තමන්ගේ දරුවන්ගේ මුහුණු පෙන්නන්නෙ නැතුව ඡායාරූප දාද්දි මේ ආදරණීය කලාකරුවා නිහතමානීව පුංචි පැටියාගේ මුහුණ හැමෝටම පෙන්නපු එක ගැන ප්‍රේක්ෂකයන් පවා ඔවුන්ට ස්තුති වන්ත වෙලා තිබුණා.

ඉතින් අපිත් මේ සුන්දර කලාකරුවන් දෙදෙනාට තවත් සුන්දර ව ජීවත් වෙන්නට හැකියාව ලැබේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.
