උණුසුම් පුවත්
Search
fule

අද මැදියම් රැයේ සිට පෙට්‍රල් මිළ ගණන් වෙනස් වෙන හැටි මෙන්න

248

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ හා අයිඕසී ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 356ක් ලෙසයි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල රු 423 කි.

ලංකා සුදු ඩීසල් රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 356කි.

ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියල් 10 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 431 කි.

ලංකා භූමිතෙල් මිල රුපියල් 07කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 249කි.

​සිපෙට්කෝ මිල ගණන් වලට සාපේක්ෂව අයිඕසි මිල ද ඉහළ දමා ඇති අතර සයිනොපෙක් මිල ගණන්ද වෙනස් විය හැකිය.