අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන සුන්දර රංගන ශිල්පිනියක් තමයි රුවන්ගි රත්නායක කියන්නේ. පුංචි තිරයෙන් වගේම රිදී තිරය හරහාත් කාගේත් ආදරේ දිනාගත්ත රුවන්ගි මෑත කාලයේ නම් කලා නිර්මාණ හරහා පේන්න නෑ, මේ කතාබහ බොහෝ දෙනා ආදරේ කරන රුවන්ගි සමගයි.
ඉතින් රුවන්ගි දැන් වැඩිය පේන්න නෑ නේද..?
”ඔව් මම ළඟදී නම් නිර්මාණයක් බාරගත්තේ නෑ, මොකද මම දැන් විවාහකයි නේ…. ඉතින් මම මගේ පවුල් ජීවිතයට මුල් තැන දීලා තියෙන්නේ, ඒ නිසා නිර්මාණ බාර අරගෙන කාර්ය බහුල වෙන්නේ නෑ… ඒ කියන්නේ රංගනයෙන් සමු අරගෙන නෙවෙයි, හොඳ නිර්මාණයක් ලැබුනොත් බාරගන්නවා….”

පුද්ගලික ජීවිතය කොහොමද..?
”පුද්ගලික ජීවිතෙනම් මම හරිම සතුටින් ගත කරන්නේ… මගේ සැමියා හරිම ආදරණීය කෙනෙක්, ඉතින් ඒ වගේ ආදරයක් ලැබිලා තියෙන්නේ මගේ වාසනාවට, එයා නිතරම මම ගැන හොයලා බලනවා… මට කිසිම අඩුපාඩුවක් වෙන්න ඉඩතියන්නේ නෑ, ඒ වගේම තමයි එයාගේ පවුලේ අයත්, ඒ අය මට ගොඩක්ම ආදරෙයි… ඉතින් මම හරිම සතුටින් තමයි මගේ ජීවිතය ගතකරන්නේ, පුංචි පුංචි රණ්ඩු නැතුවම නෙවෙයි, හැබැයි ඒවා ආදරේට වෙන රණ්ඩු….”

නිලියක් වුනාම කටකතා හැදෙනවා වැඩියි නේද..?
”ඕවා ඉතින් සාමාන්‍ය දේවල්… මට විතරක් නෙවෙයි අපේ කළා ලෝකයේ ගොඩක් අයට කටකතා හැදෙනවා, හොලිවුඩ් බොලිවුඩ් නළුවන්ට නිළියන්ටත් කටකතා හැදෙනවා….

මටත් කාලයක් නළුවෙක් එක්ක සම්බන්දයක් තියෙනවා කියලා කටකතා හැදුනා, හැබැයි හැමෝම දැනගත්තා ඒක බොරුවක් කියලා, මම ගොසිප්වලට බය කෙනෙක් නෙවෙයි, විවාහ වුනාට පස්සෙත් මට කටකතා හැදුනා…. අපි ඒවා ගණන් ගත්තේ නෑ….”

හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රුවන්ගි පසුගිය දවසක ඇයගේ උපන්දිනය සැමරුවා…. ඉතින් ඇයගේ උපන්දිනයට අපූරු තෑග්ගක් දීලා තිබ්බා රුවන්ගිගේ සැමියා… ඒ තමයි අපූරු සංචාරයක්, රුවන්ගි සහ සැමියා සතියක් පමණ සුඛෝපභෝගී හොටෙල් වල නැවතිලා තමයි මේ සංචාර කරලා තියෙන්නේ.

කොහොම වුනත් ඇයට ආදරණීය සැමියාගෙන් තවත් තෑග්ගක් ලැබිලා… ඒ තමයි අලුතෙන්ම නිකුත් කරපු ලක්ෂ ගණනක් වටිනා සැම්සුන් දුරකතනයක් සහ වටිනා රත්තරන් මාලයක්… ඉතින් මේ තෑග්ග පිලිබඳ ඉන්ස්ටර්ග්‍රෑම් එකවුන්ට් එක හරහා රුවන්ගි ”තෑන්ක්යූ හබී” කියලා ස්තුති කරලා තිබ්බා..
