උණුසුම් පුවත්
Search

ගුවන් ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව හදිසියේ ගත් තීරණය මෙන්න

449

එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව ඉහළ දැමීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට මේ දිනවල බොහෝ පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීම ඊට හේතුවෙනි.

සාමාන්‍යයෙන් දෛනිකව එක්දින සේවාව යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරෙන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය 2000ක් පමණ වේ.

එම ප්‍රමාණය 3,500ක් දක්වා ඉහළ දැමීමටයි මේ වන විට තීරණය වී ඇත.

ඒ සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සේවා මුර 02ක් යටතේ කැඳවීමට ද තීරණය කර තිබේ.

ඒ අනුව පෙරවරු 07 සිට පස්වරු 02 දක්වා සහ පස්වරු 02 සිට රාත්‍රී 10 දක්වා මෙම සේවාමුර 02 ක්‍රියාත්මකයි.

මේ අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හෙට (13) දිනයේදී සාමාන්‍ය පරිදි විවෘත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හෙට (13) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම වෙනුවෙන් මෙසේ එම දෙපාර්තමේන්තුව විවෘතව තැබෙයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මෙන්ම ප්‍රාදේශිය කාර්යාලය ද හෙට දිනයේ විවෘතව තැබෙනු ඇත.




Leave a Reply

Your email address will not be published.