පෘථිවියට බලපෑම් ඇති කරන කුණාටුවක් අද (06) රාත්‍රියේ හෝ හෙට (07) උදෑසන පොළොවට ළඟා විය හැකි බව නාසා ආයතනයේ විද්‍යාඥන් පවසනවා.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එමගින් දීප්තිමත් “අවුරෝරා” ආලෝක දහරා ඇතිවිය හැකි බවයි.
මේ හේතුවෙන් විදුලි ග්‍රීඩ් පද්ධති වල ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කළ හැකි බව ද නාසා විද්‍යාඥන් වැඩිදුරටත් පවසනවා.
සූර්යා සිය ප්‍රබල බලශක්තිය පිටතට නිකුත් කිරීම මෙලෙස සූර්ය කුණාටු ඇති වීමට හේතුවයි.
ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ මෙම මස ආරම්භයේ සිට මේ දක්වා සූර්යාගේ ප්‍රබල කුණාටු කිහිපයක් සිදුව ඇති බවයි.