අගෝස්තු 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 300කට අධික සංඛ්‍යාවකට තාවකාලිකව ආනයන සීමා පැනවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.
එම භාණ්ඩ අතර කිරි, ක්‍රීම් වර්ග, බටර්, චොකලට්, ඕට්ස්, පලතුරු, කැපූ මල්, බීර, පොල් අරක්කු, සුවද විලවුන්, රූපලාවන්ය ද්‍රව්‍ය, ෂැම්පු, විදුලි උපකරණ, කාන්තා, ළමා සහ පිරිමි නිමි ඇඳුම්, පාවහන්, හිස් වැසුම් ආදිය ද අයත් වේ.
කෙසේ වෙතත් අගෝස්තු මස 23 වැනිදාට පෙර නැව් ගත කර සැප්තැම්බර් මස 14 වනදාට පෙර ආනයනය කරන භාණ්ඩ වලට මෙම තහනම අදාල නොවන බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.