උණුසුම් පුවත්
Search
nanda malani

කිසිම නාලිකාවක් ප්‍රචාරය නොකරන රටට වූ ඇබැද්දිය කියන නන්දා මාලනියගේ අලුත්ම සිංදුව මෙන්න

1452

”පවන” , ”සත්‍යයේ ගීතය” වැනි ගී ප්‍රසංග හරහා රටේ පවතින යථාර්ථය ගීතයෙන් එළිදැක්වූ නන්දා මාලිනිය මේ වන විට රටට සිදුව ඇති දේ පිළිබදව නවතම ගීතයක් එළිදක්වා තිබෙනවා.

එය නම් කොට ඇත්තේ ‘යැදීම’ ලෙසයි.

Op-Ed: Our long, bloody road to Sri Lanka's fragile harmony - Los Angeles Times

එහි පද රචනය මහාචාර්ය ආනන්ද දසනායකයන්ගෙන් වන අතර සංගීතය සපයා ඇත්තේ නවරත්න ගමගේ ය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ තවම කිසිදු ගුවන් විදුලි නාලිකාවක් හෝ රූපවාහිනී නාලිකාවක් විසින් මෙම ගීතය ප්‍රචාරය කොට නොතිබීමය.

නමුත් යූ ටියුබ් හරහා මෙම ගීතයට සවන්දීමට හැකිය….

Nanda Malini shows us the gentle, star-lit path to sanity - newstrails.com

පහත දැක්වෙන්නේ එම ගීතයේ පද සහ ගීතය ඇතුළත් වීඩියෝවය.

කුස ගිනි වැදී හඬනා දරුවන් දකිමී…
ඔසු නැති නිසා ලෙඩ වැඩිවූවන් බලමී…
අද හෙට බොහෝ දෙන මියැදෙන වග දනිමී…
හත් දෙයියනේ හෙළයට ගිය කල කියමී…

අකුරට යන පුතා මිරිවැඩි ඉල්ලන්නේ…
දුවනිය පොතක් ගත හැකිදැයි විමසන්නේ…
පොල් අතු වියා කොහොමද පිළිතුරු දෙන්නේ…
මුතු ඇටයට උනේ මොකදැයි කියපන්නේ…

තිස් තුන් කෝටියක් අපි දෙස බලනු මැනේ…
යන්නට තැනක් නෑ මගෙ පැටවුන්ට අනේ…
දෙනු මැන අපට එක වරමක් දොවා සෙනේ…
වැටෙනෙමි නළල තබලා ඔබ දකුනු දනේ….

කුස ගිනි වැදී හඬනා දරුවන් දකිමී
ඔසු නැති නිසා ලෙඩ වැඩිවූවන් බලමී
අද හෙට බොහෝ දෙන මියැදෙන වග දනිමී
හත් දෙයියනේ හෙළයට ගිය කල කියමී