ශාලිකා එදිරිසිංහ කියන්නෙ පුංචි තිරය තුල කවුරුත් හදුනන රංගන ශිල්පිනියක්.කවදත් හිමින් ගමනක් යන ශාලිකාට ක්ෂේත්රයේ කැපිිලි කෙටිලි වලට වඩා හොද මිතුරියන් හමුවුනු බවයි ඇය කියන්නෙ.
” මුල් කාලෙ ඉදන් මට ලැබුනු චරිතය පෙම්වතිය විදියටයි.ඉතින් පෙම්වතිය විදියට රගපාද්දි එදා දවස්වල හිටිය ප්රවීනයන්ගෙන් තමන්ට සහය උපරිමයෙන් ලැබුනු බවයි ඇය කියන්නෙ”
ශාලිකාගේ පවුලේ ඉදල තියෙන්නෙ පුත්තු තුන්දෙනෙක්.ඉතින් එයාව ලැබුනට පස්සෙ තාත්තා ට සතුටු හිතිල තියෙනව.ඒ වගේම තමයි ශාලිකාට හැමෝම අාදරේ කරන්නත් පටන් අරගෙන තියෙනව.පවුලෙ එහෙම ආදරය හුරතල ලැබෙද්දි ශාලිකා නිතරම දග වැඩ කරන කෙනෙක් විදියටලු පුංචි කාලෙ හිටියෙ.
” මට මතකයි මගෙ 17 වැනි උපන්දිනය දවසේ වෙච්ච අමතක නොවන සිදුවීමක් සිදුවුන.එදා සගෙ යාළුවො ටිකක් ගෙදර ආවා.ඉතින් එහෙම ආපු යාළුවෙක් එදා රෑ ගෙදර නැවතුනා.ඉතින් මායි යාළුවයි එහෙම ඉද්දි අපිට තේරුම් ගියා ලැබුන තෑගි වලින් මාලයක් නැතිවෙල බව.අපිදෙන්නම ඒක හොයල හොයල නැති පාර නිදාගත්තා.ඉතින් මහ රෑත් යාළුව නැගිටල නිදාගන්න තැන මාලය තිබුනද කියල හොයන්න පටන්ගත්තා.ඒත් ඒකත් තිබුනෙ නෑ.එත් ඔය විදියට හොයත්දි එකපාර ඇද උඩ පුංචි නයෙක් ඉන්නව දැක්කා.අයියල ඇවිත් ඒ නයාව අරගෙන කැලේකට ගිහින් දැම්ම.ඉතින් ඒ උපන්දිනය දවස මට ගොඩක් මතකයි”
තමන්ට ආදරේ රසික රසිකාවියන් ගොඩක් වෙලාවට ඇයට තෑගි බෝග එවන බවයි ශාලිකා කියන්නෙ.නාට්‍ය හෝ චිත්‍රපටි සෑම රංගනයකදිම තමන් හෙමින් ගමනක් යන්න කැමති කෙනෙක් කියලයි ඇගේ අදහස.
” ගොඩක් කලබල නැති ගමනක් ගියොත් තමයි අපට ලෙහෙසි කියලයි මම හිතන්නෙ.