උණුසුම් පුවත්
Search
dhanushka 1 3

ධනුෂ්ක ගුණතිලක නීතියෙන් හිර කරපු සැක්සන් මුල්ලින්ස් මෙන්න

59237

මේ කතාව ධනුෂ්ක ගුණතිලක විසින් අතවරයට ලක් කළා යයි කියන කාන්තාව ගැන නොවේ. ධනුෂ්කට එරෙහිව දැන් සිටින ඕස්ට්‍රෙලියාවේ නිව් සවුත් වේල්ස්හි ස්ත්‍රී දූෂණ නීති රීති මාලාව පසුගිය ජූනි මාසයේ ධනුෂ්කට අවාසි වගන්තිද සමග අලුත් කරවන්නට හේතුවූ තරුණිය ගැනයි.

සැක්සන් මුල්ලින්ස් නමැති 27 හැවිරිදි ඇය දැන් එරට කාන්තාවන් අතර වීරවරියකි. 2013 දී ඇයට වයස 18 දී සිදුවූ හිංසනයක් සාධාරණත්වය ඉටුවෙන තෙක් ඇය සටන් වැදුණ අතර අවසානයේ වසර 09 කට පසු ජයගත්තාය. ඇගේ තියුණු හඬ නිසාම ඒ ගැන ගෞරවයක් දක්වා ඕස්ට්‍රෙලියානු නීති පොත පවා වෙනස්කරන්නට හේතුවිය.

image 162

අවුරුදු 18ක් වයසැති වියේදී ඇය ලද අත්දැකීම කාටත් වියහැකි දෙයක් ලෙස අධිකරණය පිළිගන්නා ලදි.

මිනිත්තු කිහිපයකට පෙර මුණගැසුණු මිනිසකු සමඟ සිඩ්නි මංතීරුවකදී ඇය අතවර අත්දැකීමකට මුහුණ දෙන අතර පිරිමියා පවසන්නේ ඇය කැමැත්තෙන් එක්වූ බැවින් ස්ත්‍රී දූෂණයක් සිදු නොවූ බවයි. දිගු උසාවි සටනක් අවසන් වූ පසු විනිසුරුවරු සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයා ඇය ලිංගිකත්වයට එකඟ වී නැති බව තහවුරු කර සොයා ගත්හ.

2013 වසරේදී එක් දිනක 18 වැනි වියෙහි සිටි සැක්සන් රාත්‍රී සමාජ ශාලා හිමිකරුගේ පූත්‍රයා වූ 21 හැවිරිදි ලූක් ලාසරස් විසින් අතවරයට ලක්කර කර තිබුනේ ඇයට ඔහුව හමුවී මිනිත්තු කිහිපයකට පසුවයි.

2015 වසරේදී පළමු නඩු විභාගයෙන් ලූක් ලාසරස් බලහත්කාරී ස්ත්‍රී දූෂණයට වැරදි කරු වුණත් ඔහු තීන්දුව අභියාචනය කළේය. 2017 වසරේදී සිදුවූ සාධාරණ හේතුමත පදනම් වූ කැමැත්ත පිළිබද වැරදි විශ්වාසයක් මත ලාසරස් ක්‍රියා කර ඇතැයි පවසමින් ඔහු වැරදිකරු නොවනබව තීරණය විය.

මෙම අත්දැකීම ගැන ඇය ජූරියට මෙසේ කිව්වාය. “මම එයාට කිව්වා මම ආපහු මගේ යාළුවා ඉන්න තැනට යන්න ඔනෙ කියල. ඒකට ඔහුට හොදටම තරහ ගියා. හරිම ආක්‍රමණශීලී විදියට හැසිරුනා. මම බයෙන් ගල් ගැහුනා. මම මොනවද කරන්න ඕනෙ කියල මම දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මම ඔහු කියපු දේ කලා.“

මෙවැනි හිංසන සිදුවීමකදී බියෙන් ගල් ගැහෙනව කියන එක බොහෝ වින්දිතයන්ගේ අත්දැකීමක්. ඒත් සෘජුව බැහැ යයි නොකීම සහ පොර බැදීමක් වැනි විරෝධයක් නොපෙන්වීම එකගතාවය පෙන්වීමක් ලෙස අර්ථකතනය කිරීමට විත්තිකරුගේ පාර්ශවයට තිබෙන අවකාශය වැඩියි.

image 163

ඒ වගේම රාත්‍රී සමාජ ශාලාවට යාම, වූදිතයා සමග සතුටින් කතා කරමින් සිටීම, එකට ඩාන්ස් කිරීම වැනි ඕනෑම දෙයක් චූදිතයාට ලිංගික එකඟතාවයට සාධාරණ විශ්වාසයක් ඇති කිරීමට බලපෑ කාරණා ලෙසට ගෙන එන්න පුළුවන්. සැක්සන් මුලින්ස්ටත් වුනේ ඒ වගේ දෙයක්.

ඕස්ට්‍රේලියාවේ නීති ප්‍රතිසංස්කරණ සඳහා තල්ලු කිරීමට එය පොළඹවන ලදී, සැක්සන් නිසා පසුගිය ජුනි මාසයේ සිට නීති පොත අලුත් විය.

නිව් සවුත් වේල්ස් (NSW) හි නව “තහවුරු කැමැත්ත” නීති යටතේ, පුද්ගලයෙකු ලිංගිකත්වය සඳහා ඔවුන්ගේ කැමැත්ත සන්නිවේදනය කිරීමට යමක් පැවසීම හෝ කළ යුතුය.

මීට පෙර විත්තිකරුවන්ට තර්ක කළ හැකි වූයේ චූදිත වින්දිතයා එය ප්‍රකාශ කිරීමට කිසිවක් නොකළත් තමන් එකඟ වූ බව සාධාරණ ලෙස විශ්වාස කළ බවයි.

කැමැත්ත දැන් රඳා පවතින්නේ ලිංගිකත්වයට ‘ඔව්‘ යැයි පැවසීම මතයි.

ඕනෑම අවස්ථාවක කැමැත්ත ඉල්ලා අස්කර ගත හැකි බවත්, එක් ලිංගික ක්‍රියාකාරකමකට කැමැත්ත දීම තවත් ලිංගික ක්‍රියාකාරකමකට කැමැත්තක් නොවන බවත් නව නීති මගින් පැහැදිලි කරයි.

image 161

උසාවියේදී, සැක්සන් මුල්ලින්ස් ට හැඟී ගියේ ඇය එපා කීවාය හෝ නවත්වන ලෙස මිනිසාගෙන් ඉල්ලා සිටීම ඔප්පු කිරීමේ වගකීම ඇය සතු බවය.

සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙකු සහ පිරිමින් 25 දෙනෙකුගෙන් එක් අයෙකු අතවරවලට ලක්ව ඇති බවයි. නමුත් ඕස්ට්‍රේලියානු බලධාරීන්ට අනුව, බොහෝ දෙනෙක් එය පොලිසියට වාර්තා නොකරයි. එසේ කරන අයගෙන්, නඩු වලින් 10% ක් පමණ වරදකරුවෙකු වීමට හේතු වේ.

ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධියට පෙර පසුගිය ජුනී මාසයේ සැක්සන් මුල්ලින්ස්ගේ සිද්ධියට එරට මාධ්‍ය තුළ විශාල ප්‍රචාරයක් ලැබුණ අතර ධනුෂ්ක දූෂණය කරන ලද 27 වියැති කාන්තාව මෙම නීතිරීති ගැනද දැන නොසිටියා විය නොහැකිය.

ඒ අනුව ඇය ඔහුව ගෙදරට එක්ක ගියත් පෙළඹවීමක් කළා කියා ධනුෂ්කට ගැලවීමට අපහසුය. ලිංගික ක්‍රියා එකින් එක විශ්ලේෂණය කරමින් ඊට අනුමැතිය ලැබීම ඔප්පු කිරීම පිළිබඳ අභියෝගයකට ඔහු මුහුණදී ඇති අතර මෙහිදී කාන්තාවට වැඩි වාසි අත්ව තිබේ.

image 160