සජිත ඇන්තනී කියන්නේ අපි කවුර්ත් ආදරය කරන චරිතයක්.. සජිත – බුවී කැදැල්ලට අලුතෙන්ම එකතු වුණ සාමාජිකයා තමයි ඒ දෙන්නගේ ආදරණීය පුතු ජේඩන්.
ජේඩන් ඒ දෙන්නා ළඟට ඇවිත් නොදැනීම අවුරුද්දකුත් ගෙවිලා ගිහින්…. ඒ වෙනුවෙන් සජිත එක්කල සටහනක්..
“අවුරුද්දක් පැහුනා….. හැබැයි අවුරුදු කීයක් පැහුනත් අපිට ලපටි චූටි J boy.. අම්මටයි අප්පච්චිටයි හීන ගොඩක් තිබුනා. අවුරුද්දක් තිස්සේ ඉඳන් ඒ හැම හීනයක්මත් අලුතින් දකින හැම හීනයක්මත් ඔයා වෙනුවෙන් විතරමයි ආදරෙයි පුතා….. ඔයාට සුබ උපන්දිනයක්…” යනුවෙන් එහි සටහන් කර තිබුණා.
ඉතින් ජේඩන්ගේ උපන්දිනය වෙනුවෙන් අපූරු සාදයකුත් පවත්වලා තිබුණා.
මේ අවස්ථාවට අඛිලගේ සුරතල් දියණිය සකී අරන්‍යාත් එක්ව සිටියා.