මලීගේ කතාව නාට්‍යයේ මලී අමතක වෙන්නෙ කෝමද.දෙරණ නාලිකාවෙි මුල් කාලෙ ජනප්‍රියම නාට්‍යයක් වෙච්ච මලීගෙ කතාවෙ රගපාපු සමාධි අරුණ ඡායා මෙි දවස්වල පදිංචි වෙලා ඉන්නෙ කැනඩාවෙි.එම නාට්‍යයේම රගපෑ සංජීව මොරගොල්ල එක්ක විවාහවුනේ 2014 වසරේ.දෙන්නගෙ ජනප්‍රියත්වය හොදින්ම තියෙද්දි තමයි ඔවුන් ක්ෂේත්රයෙන් මදකට ඉවත්වුනේ.

” අපි දෙන්නා හමුවුනේ මලී නාට්‍යය හරහායි.ඇත්තටම කිව්වොත් ඒ කාලය තුල අපි හැමෝගෙන්ම ලබපු ආදරය මෙච්චරයි කියන්න නම් අමාරුයි.ඒ හැමදේම එක්ක අපේ ආදරය පවා ගලාගෙන ගියා.ඉතින් විවාහයෙන් පස්සෙ ත්.කාලයක් ගිහින් අපි කැනඩාවට ආවා”
මෙි වෙද්දි සමාධි තුන්වැනි වතාවටත් අම්මා කෙනෙක් වුනා.ඇයට මුලින්ම හිටියෙ දුවලා දෙන්නෙක්.තමන්ගෙ පවුලට එකතුවුනු අලුත් ම සාමාජිකව හින්ද දෙන්නම ගොඩක් සතුටින් ඉන්න බවයි පැවසෙන්නෙ.

” ඇත්තටම කිව්වොත් සමාධියි මායි පුංචි ඈයොයි ගොඩක් සතුටින් කැනඩාවෙ ගත කරනව .ලංකාවෙි රසිකයන් ට ආදරේ නැතිව අපි මොහෙට ආවෙ නෑ.නමුත් දැන් පුංචි කැදැල්ල හින්දම වගකීම් වැඩියි.ඒ හින්ද කලාව ට අතරින් පතර අපි සම්බන්ධ වෙනව.ඒත් දැන් පදිංචි කැනඩාවෙ.
සමාධිට නම් පුංචි දෙන්නගෙ වැඩ කරද්දි දවස යනව නම් දැනෙන්නෙම නැති තරම් කියලයි ඇය කියන්නෙ.ඒ අතරට පවුලෙ සතුට දැන් දෙගුණ තෙගුණ වෙලත් තියෙන බවයි ඇය කියන්නෙ.

ගොඩක් පවුල් කලාව හින්දා එකතුවෙනව වෙනුවට කැඩිල යන කාලෙක තමන්ගෙ ආදරය ගොඩක් ශක්තිමත් වුනු එක ගැන සමාධිට තියෙන්නෙ ලොකු අභිමානයක් බවයි ඇය කියන්නෙ.
” ෂූටින් වලදි හමුවෙච්ච සංජය මයි තමයි ඉන්නෙ.ඔහු දැන් වගකීම් තියෙන ස්වාමියෙක්.අපිව මුණ ගැස්සුවෙ දෙරණ නාලිකාව .ඒ නාට්‍යය නැත්නම් ඇත්තටම අපි හමුනොවෙන්නත් පුළුවන් කියලයි මට හිතෙන්නෙ.

තමන්ගෙ සැප දුක අහන රසිකන් ට නිතර ෆේස්බුක් හරහා රිප්ලයි කරන්න නොහිටියත් හැම කෙනෙකුටම ආදරේ බවයි ඇය පවසන්නෙ.ඒ අය හින්ද තමන්ගෙ කලාව තවම මතක්වෙන බව ඇය කියනව.
” මලී නාට්‍යය අදත් හැමෝ අතරම තියෙනව.මම හිතනව කවුරුත් තමන්ගෙ මුල්ම රංගනයට ආදරෙයි.ඒකම රංගනයෙන් ජනප්‍රියත්වයට පත්වුනු එකත් වාසනාවක්”
