හෙට (16) දින සිට ලබන 19 වනදා දක්වා විදුලි කප්පාදුව පැය 03ක් දක්වා වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක කාලයක් සහ රාත්රී කාලයේ පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලැබී ඇත.
CC කාණ්ඩයට අයත් ප්රදේශ වලට උදෑසන 6ත් 8.30ත් අතර කාලයේ පැය 2යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති බව සඳහන්.
M,N,O,X,Y,Z යන කලාප සඳහා උදෑසන 5.30ත් 8.30ත් අතර පැය 03ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව තිබේ.
කෙසේ නමුත් මේ වන විට අඩුවී ඇති විදුලි කප්පාදුව යළි ඉහළ යාමක් ඒ අනුව සිදු වේ.
මෙම මස සිට විදුලි බිල්පත් ගාස්තුව ද ඉහළ යනු ඇති.